1971 ලංකාව ගැන ෆ්‍රෙඩ් හැලිඩේ ලියූ ‘අරගලයක උපත‘
Posted on 04.08.2017 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments
අද වනවිට කතාබහට ලක්වන 1971 අපේ‍්‍රල් අරගලය පිළිබද 46 වසරක ඉතිහාසයක් ඇත. එම සන්නද්ධ නැගිටීම පිළිබඳ විමර්ශනයක් කළ බි‍්‍රතාන්‍ය ජාතික දේශපාලන විචාරකයෙකු වන ෆ්‍රෙඞ් හැලිඬේ විසින් සිදු කරන ලද විශ්ලේෂණය රොබින් බ්ලැක්බර්න් විසින් සංස්කරණය කරන ලදExplosion in a Subcontinent නම් කෘතියේ පළ කෙරුණේ 1971 Ceylonese Insurrection නමිනි. එම දේශපාලන විවරණයේ සිංහල පරිවර්තනයක් දෙවැනි වරට මුද්‍රණ ද්වාරයෙන් එළි දැක්වීම සිදුව ඇත්තේ 17 වසරකට පසුවය. මේ ඒ පිළිබඳ සටහනකි.
ලොව ප‍්‍රථම නිර්ධන පන්ති නැගිටීම සිදුවුයේ 1871දී ප‍්‍රංශයේ පැරිස් නගරයේදීය. කැරලි ගසා නැගී සිට ජයග‍්‍රහණය ලැබූ පැරිස් කම්කරුවෝ සහ අනෙකුත් පීඩිත ජනයා ලොව ප‍්‍රථම නිර්ධන පන්ති රාජ්‍යය වන ‘පැරිස් කොමියුනය‘ පිහිටවූ ඓතිහාසික වසර එයයි. එහෙත් ධනපතියන්ගේ සන්නද්ධ ප‍්‍රතිවිරෝධය ඉදිරියේ පැරිස් කොමියුනය කෙටි කාලයකින් බිඳ වැටිණි. එම ප‍්‍රථම අරගලය පරාජයට පත් වුවද එය ඉන් අනතුරුව පැන නැගුනු ජයග‍්‍රාහී නිර්ධන පන්ති අරගල රැුසකට මූලාරම්භය සැපයීය. අනාගත අරගල සඳහා වැදගත් ඓතිහාසික පාඩම් සැපයීය. එනයින් එය පරාජයක් වුවද, මිනිස් ඉතිහාසයට වටිනා අත්දැකීම් දායාද කළ ශ්‍රේෂ්ඨ පරාජයක් විය.
ලොව ප‍්‍රථම සමාජවාදී අරගලය සිදුවී හරියටම සියවසකට පසු 1971දී ලංකාවේ සිදු කෙරුණු අවිගත් නැගිටීමද එවැනිම ඓතිහාසික සිදුවීමකි. එය ලංකාවේ ඉතිහාසය තුළ සමාජවාදය වෙනුවෙන් කළ ප‍්‍රථම අවිගත් නැගිටීමයි. පීඩාවට පත් ජනතාවගේ ප‍්‍රථම නිර්භය ප‍්‍රතිවිරෝධය පෑමයි. 1971 අපේ‍්‍රල් මාසයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ආරම්භ වුනු නැගිටීම ඉතා කෙටි කලක් තුළ මර්දනය කරනු ලැබීය. එවකට ආණ්ඩුවේ සිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ – ලංකා සම සමාජ පක්ෂ- කොමියුනිස්ට් පක්ෂ නායක කාරකාදීන්ද, විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂ නායකයන්ද මර්දනය වෙනුවෙන් සියලූ භේද දුරැුර එක්සත් වූ අතර ඇමෙරිකා එක්සත් ජනපද සහ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී කඳවුර මෙන්ම සෝවියට්- චීන ඊනියා සමාජවාදී කඳවුරද අරගලය පොඩි පට්ටම් කිරීම සඳහා යුද ආධාර ආණ්ඩුවට ලබා දුන්නේ ජනතාව වික්ෂිප්ත කරවමිනි. නමුත් අරගලයේ සිටි සහෝදර සහෝදරියන් තමා සතු අවම ශක්තිය යටතේ වුවද දැවැන්ත වීරත්වයක් සහ ධෛර්යයක් ප‍්‍රදර්ශනය කළේ එකතැන පල්වෙමින් සහ සම්මුතිකාමයේ ගොදුරු බවට පත් වෙමින් තිබු ලංකාවේ වාමාංශික අරගල භූමියට නැවුම් අත්දැකීමක් එකතු කර දෙමිනි. විරෝධය පෑම යනු ධනපති සභාග ආණ්ඩු වල කැබිනට් මණ්ඩලයේ කරන ගෝරනාඩු වලටත්, කළු කොඩි දැමීමටත්, වෘත්තීය සමිති සීමාව තුළ කෙරෙන ප‍්‍රතිසංස්කරණ සටන් වලටත් සමාන දෙයකියි අරුත් ගන්වා තිබු සමයක අපේ‍්‍රල් අරගලය නව පිබිදීමක් උත්පාදනය කළේය.
සැබවින්ම අරගලයේ දේශපාලන අඩුපාඩු බොහෝ විය. අරගලය වෙනුවෙන් පුළුල් බහුජන කොටස් තුළ විශ්වාසයක් සහ අනුග‍්‍රහයක් ඇති වීමට පෙරාතුව, විප්ලවීය බහුජන ව්‍යාපාරයක් වර්ධනය නොවුණු තත්වයක් තුළ පමණක් නොව ශක්තිමත් ලෙනින්වාදී පක්ෂයක් පවා ගොඩ නොනැගුණු තත්වයක් තුළ අරගලයේ පරාජය සුපැහැදිලි අනිවාර්යයක් විය. අරගලයේ උපක‍්‍රමික, උපායමාර්ගික පැති සහ අරගල ආකෘතිය පවා එහි උපතේ සිටම පරාජය උරුම කරගත් දුර්වලතා ගැබ් කර ගත්තේය. ඕනෑම ජන සමාජයක පළමු අරගල අත්දැකීම එන්නේ එවැනි දුබලතා මධ්‍යයේ වීම සමස්ත මිනිස් ඉතිහාසය තුළ අප දැක ඇති සාමාන්‍ය අත්දැකීමකි. ලොව ප‍්‍රථම සමාජවාදී අරගලය වන පැරිස් කොමියුනයේ තිබු දේශපාලන අඩුපාඩු පසු කාලීනව මාක්ස්ද ඇතුළු බොහෝ දෙනෙකුගේ විචාරයට බඳුන් විය. අනාගත අරගල වල ජයග‍්‍රහණ සඳහා මග පෙන්වන ප‍්‍රදීපාගාර බවට පත්වුයේ පළමු අරගලවල සිදුවූ දේශපාලන වැරදි සහ ඒ පිළිබඳව වර්ධනය කරගනු ලැබූ විචාරයන් හරහා උගත් පාඩම් බවට විවාදයක් නැත. ඒ අර්ථයෙන් ගත් කළ 1971 අපේ‍්‍රල් අරගලය විප්ලවවාදීන්ට වටිනා පාඩම් කියාදෙන දේශපාලන ධන නිධානයකි. නමුත් ගෙවුණු වසර 46 තුළ එම ධන නිධානයන් අත්පත් කර ගැනීමට හෝ එහි ප‍්‍රතිලාභ උකහා ගැනීමට ලංකාවේ වාමාංශික ව්‍යාපාරය සමත් වුවාද යන්න සැක සහිතය.
එයට ප‍්‍රධාන හේතුව වුයේ අරගලය පිළිබඳ විශ්ලේෂණ බෙහෙවින්ම ආත්මීය ස්වරූපයක් ගෙන තිබීමයි. අරගලයට පක්ෂපාත වන්නන් අරගලයේ වීරත්වයේ පාර්ශවය අභිනන්දනයට පත් කර එහි දේශපාලන විවේචනය යටපත් කළ අතර, අනෙක් පැත්තෙන් අරගලයට එරෙහි වන්නන් අරගලය උමතුවක්, තරුණයන්ගේ අතිධාවනකාරී ක‍්‍රියාවක්, කුමන්ත‍්‍රණයක් ආදී ලෙස පරිභව කරමින් එහි තිබු දේශපාලන විභවයන් අමතක කළහ. අරගයට කවර ආකාරයකින් සම්බන්ධ වූ හෝ එය අගය කළ කොටස් අරගලකරුවන් වෙත අනුරාගී ගෞරවයකින් සිය විශ්ලේෂණ සකස් කළ අතර, අරගලයෙන් පුද්ගලිකව අපහසුතාවයට පත්ව සිටි හෝ අරගලයෙන් පලා ගොස් එය සාධාරණීකරණය කිරීමට අවශ්‍යව සිටි පිරිස් එයට වෛරී සහගතව ප‍්‍රහාර එල්ල කිරීමට සිය විශ්ලේෂණය සීමා කර ගත්හ. එහි ප‍්‍රතිපලය වුයේ අඩසියවසකට පසුත් අරගලය සම්බන්ධ තුළිත දේශපාලන විශ්ලේෂණයක් නොමැති වීම සහ එහි අගනා පාඩම් සමාජයට අහිමි වී යාමයි.
මොන පැත්තෙන් බැලුවත් 1971 අපේ‍්‍රල් නැගිටීම යනු, ‘පැරණි අරගල භූමියට’ අයත් මහා අත්දැකීමකි. එය, මනුෂ්‍යත්වයේ මහා ප‍්‍රකාශනයක් වන්නා සේම පෙරදිග ලෝකයට නව සමාජ පරිවර්තනයන් වෙනුවෙන් ධෛර්යය හා ජීවය රැුගෙන එනු ලැබුවකි. අප දැන් පය ගසා සිටින ‘නව අරගල භූමිය’ තුළට, අපේ‍්‍රල් අත්දැකීම ‘මොඩලයක්’ ලෙස ගෙන ආ නොහැකි මුත්, ගුරුවරයකු ලෙස අදාළ කරගැනීම අත්‍යවශ්‍ය වී තිබේ. සමාජ නිමේෂයන් දෙකක වෙනස හඳුනාගැනීමටද අපේ‍්‍රල් අත්දැකීම පිළිබඳව යළි යළිත් කියැවීම ප‍්‍රයෝජනවත් වේ. ඒ සියල්ලටම වඩා, අපේ‍්‍රල් අත්දැකීම වැදගත් වනුයේ, විප්ලවවාදී ආධ්‍යාත්මය හඳුනාගැනීම පැත්තෙනි. නව අරගල භූමියක පය ගසා සිටින වත්මන් විප්ලවවාදී ව්‍යාපාරයන්ටද, එය ඉතා අත්‍යවශ්‍ය හඳුනාගැනීමකි.

Related News