බන්දුල ගුණවර්ධනගෙන් අකිල විරාජ්ට සහතිකයක්!

අධ්‍යාපන පද්ධතියේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම සදහා වත්මන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් ගනු ලබන සෘජු තීරණ හිටපු අධ්‍යාපන ඇමැති වත්මන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රි බන්දුල ගුණවර්ධන විසින් ද පැසසුමට ලක්කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් කළ නිවේදනයට අනුව, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පවතින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගියදා (18දා) හිටපු ඇමැතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ තිබේ. එසේ පැමිණි අවස්ථාවේදී අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් හමුවූ බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පතිවරයා එහි පවතින ගුරු හිඟය ඇතුළු ගැටලු කිහිපයක් ඉදිරිපත් කර විසඳුම් අපේක්ෂා කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම ගැටලු විසඳීම සඳහා වහා ක්‍රියාත්මක වන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන් බවත් වත්මන් ආන්ඩුව විසින් අධ්‍යාපන පද්ධතියට අදාළව සැලසුම් කර ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණ ගැන බන්දුල ගුණවර්ධන සහ අකිල විරාජ් අතර අදහස් හුවමාරුවක් සිදුවූ බවද අධ්‍යාපන අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

Leave a Reply