හෙයාපාක් වතු කම්කරුවන්ට මසකට දින 20ක් වැඩ!
Posted on 04.24.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හුන්නස්ගිරිය හෙයාපාර්ක් වතු සේවකයන්ගේ හිග වැටුප් ගෙවන ලෙසත්, සෑම කම්කරු පවුලකටම අක්කර දෙකක ඉඩමක් ලබාදෙන ලෙසත් සහ කම්කරුවන්ට මසකට දින 20 ක් වැඩ ඉල්ලා සිටි එම වත්තේ 200ක් පමණ වතුකම්කරුවන් කළ අරගලය එකගතාවක් මත අවසන් වී තිබේ.
දින 20 වැඩ කාලයක් සදහා කම්කරුවන්ගේ ඉල්ලීමට එහි පාලකයන් එකග වී ඇති අතර වතු යාය පුද්ගලිකකරණය නොකරන බවට ද ප්‍රකාශ කර ඇත. පෙබරවාරි මස අවසානයේදී සේවක අරගලයක් ආරම්භ කෙරුණේ හෙයාපාක් වතුයාය පුද්ගලිකකරණය කරන බව සහ වතුසේවකයන්ගේ රැකියා කප්පාදුවට ලක්වන බවට පැවැති තොරතුරු මතය. 2007 වසරේ පමණ සිට කලමනාකරණ ගැටලු මත අකර්මන්‍ය ලෙස පැවති මෙම වතුයාය රාජ්‍ය වැවිලි සංස්ථාව විසින් අතහැර දමන තත්වයකට ඇද දමා තිබිණි. සේවකයන් ප්‍රකාශ කරන්නේ තමන්ගේ සේවය ලබාගෙන වතුයාය නඩත්තු කිරිමට පාලකයන් කටයුතු නොකරනවා මෙන්ම වැටුප් නොගෙවා සේවය කරන්නට සිදුව ඇති බවයි. ලංකා රතු කොඩි සංගමය සහ කම්කරු නියෝජිතයින් ඇතුළු නියෝජිතයින් විසින් ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති තිලක් මහානාම සමඟ ඊයේ (23) පැවැති සාකච්ඡාවකදී විධිමත්ව වැඩ ලබා දීමට සභාපතිවරයා එකඟ වී තිබේ. මහනුවර පන්විල පිහිටි රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ප්‍රාදේශිය කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවෙන් පසුව එම තීරණය ප්‍රකාශයට පත් විය.
ඒ අනුව හෙයාපාර්ක් කම්කරුවන්ට මසකට දින 20-25 ත් අතර වැඩ ලබා දීමට ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව කටයුතු කරනු ඇත. ප්‍රමාණයෙන් අක්කර 1900 ක් පමණ වන හෙයාපාර්ක් වත්තේ දැනට අක්කර 800 ක පමණ තේ වගා කර තිබේ. මුඩු බිම් ලෙස පවතින ඉතිරි අක්කර 1100 පුද්ගලික අංශය සමග සහයෝගයෙන් වගාකිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ තමන්ට උපදෙස් දුන් බව වැවිලි සංස්ථා සභාපතිවරයා පවසයිඒ අනුව හෙයාපාර්ක් වත්තේ කම්කරුවන්ට දින 25 ක වැඩ ලබා දීමෙන් ඉතිරි ඉඩම් වගා කිරීමට වැවිලි සංස්ථාව අපේක්ෂා කරන බව ඔහු පවසයි.
Related News