‘ක්ලැරන්ස්’ – පමා වූ කියැවීමක්” සංවාදය
Posted on 04.20.2017 by Chandana Sirimalwatte in Poster with 0 Comments
ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත දායකත්වය පිළිබද සංවාදයක් අප්‍රේල් මස 21 වැනි සිකුරාදා දින ප.ව. 3.30 ට මරදාන සමාජීය හා සාමික කේන්දුයේදී (CSR) පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාවට දේශකයන් ලෙස සංගීතවේදී නදීක ගුරුගේ, කථිකාචාර්ය සමන් කාරියකරවන, පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහභාගි වේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ අංශයය ලෙස ‘වෙනසකට තාරුණ්‍යක්‘ (youth for chenge) සංවිධානය, අප රට තුළ ඉදිරිගාමී කලා සංස්කෘතියක් ඇති කිරීමේ අරමුණින් ලාංකික සංගීත ක්ෂේත‍්‍රය පිළිබදවත් ඊට දායකවුවන් පිළිබදවත් සිදුකරන සංවාද මාලාවක එක් පියවරක් ලෙස මෙම සංවාදය සංවිධානය කෙරේ.