මතුවන විරෝධය සළකා බලනව වෙනුවට ආණ්ඩුව ජනතාවට මර්දනයෙන් පිළිතුරු දෙනවා – පෙ.ස.ප.
Posted on 04.23.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොලොන්නාව කසළ කන්ද අවට සිදු වූ ඛේදවාචකයෙන් පසුව ප‍්‍රදේශවාසින් ආණ්ඩුව විසින් විසින් ගෙනයන විරෝධතා පිටු දැකීමේ පියවරකට ආණ්ඩුව සූදානම් වෙමින් තිබේ. පසුගිය දිනවල විරෝධතා දක්වනවුන්ට එරෙහිව මුදාහැර ඇති එකී මර්දනකාරිත්වය නිසා ආණ්ඩුව රකින ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද හෙළිදරව් විය.
මේ කරුණු පැහැදිලි කළේ පෙරටුගාෙමී සමාජවාචදී පක්ෂය විසින් අද (24) පැවැත්වූ ජනමාධ්‍ය හමුවකචදීය. එම මාධය සාකච්ඡාවේදී පෙ.ස.ප. මාධ්‍යම කාරක සභික රවින්ද්‍ර මුදලිගේ විසින් දැක්වූ අදහස් මෙසේය.
”මේ දවස්වල පුපුරා ගොස් තිබෙන කසළ ප‍්‍රශ්නය පිළිබඳවත් ඒ හරහා හෙළිවෙමින් තිබෙන කසළ දේශපාලනය පිළිබඳවත් ජනතාව දැනුවත් කරන්න අප විසින් ගතයුතු උත්සාහයක් ලෙස මේ මාධ්‍ය හමුව පැවැත්වීමට තිරණය කළා.
පසුගිය 14 වැනිදා මීතොටමුල්ල කුණුකන්ද නායයෑමත් සමග ජීවිත ප‍්‍රමාණයක් විනාශ වුණා. විශාල අපදාවකට ඒ ජනතාව මුහුණ දුන්නා. ඒ සිදුවීම් සමඟ සාකච්ඡුාවක් නිර්මාණය වෙලා තියෙනවා. මීතොටමුල්ල, දොම්පෙ, ජාඇල, කරදියාන වැනි ප‍්‍රදේශවල ජනතාවගේ, පරිසරවේදීන්ගේ සහ පරිසරය පිළිබඳ උනන්දුවක් දක්වන ජනතාවගේ විරෝධය එල්ලවුණා. එහි ප‍්‍රධාන තැනක් තමයි මීතොටමුල්ල. මෙතන කසළ ගොඩගැසීම සම්බන්ධ ප‍්‍රබල විරෝධයක් පසුගිය අවුරුදු 5 – 6ක කාලයක් පුරා එල්ලවුණා. ඒ විරොධතා මර්දනය, අත්අඩංගුවට ගැනීම්, හිරගෙවල්වල ගාල් කිරීම්වලින් තමයි පැවැතුනු පාලනයත්, කුණු කන්ද ඉවත් කිරීමට පොරොන්දු දුන්න මෛතී‍්‍ර – රනිල් පාලනයක් උත්තර දුන්නේ. මේ විනාශය නොවුනා නම් තවමත්, පසුගිය කාලේ වගේම මේ ප‍්‍රදේශවලට කුණු බැහැර කරනවා. මීතොටමුල්ලේ ඇතිවුණ තත්වය නිසා දැන් විකල්ප ස්ථාන හොයන්නට ආණ්ඩුවට සිදුවෙලා තියෙනවා. විකල්ප ස්ථාන කිහිපයක් යොදාගෙන තියෙනවා. කරදියාන, දොම්පේ සහ ජාඇල ප‍්‍රදේශ මේ අතර වෙනවා. මේ ප‍්‍රදේශ කිහිපයෙම ප‍්‍රබල ජනතා විරෝධයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඒ ජනතාව කියන්න පටන් ගත්තා අපේ ප‍්‍රදේශ තවත් මීතොටමුල්ලක් කරන්න එපා කියලා.
මේ විරෝධතාවලින් මතුකරන සමාජ ප‍්‍රශ්නය සාකච්ඡුාවට ගන්නවා වෙනුවට ආණ්ඩුව කළේ කසළ බැහැර කිරීම මහජන ආරක්ෂක පනත යටතේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමයි. ඒ සඳහා නිකුත් කළ ගැසට් එකෙන් කසළ බැහැර කරන්න අත්තනෝමතික බලයක් නිර්මාණය කර ගත්තා. පසුගිය ආණ්ඩුවේ පරිසර ඇමැතිකම කරපු වර්තමාන ආණ්ඩුවේත් මේ විෂයට අදාළ ප‍්‍රධාන විෂයක් භාරව ඉන්න පාටලී චම්පික ඇමැතිවරයා කියනවා. ජනතාව මර්දනය කරලා හරි කසල බැහැර කරන්න ඕන කියලා. ජනාධිපති මර්දනය අවශ්‍ය නීති සම්පාදනය කරනවා. ඒ සඳහා සන්නද්ධ හමුදාව පොලිසිය මැදිහත් කරන්න පටන් අරන් තියෙනවා.
එහිදී ආසන්නම සිද්ධිය වුණේ වත්තල ප‍්‍රදේශයේ පැවැති විරෝධතාව මර්දනය කරලා පහර දීලා එක් විරෝධතාකරුවෙක් අත්අඩංගුවට ගත්තා. කරදියාන විරෝධතාව නවත්වන්න අධිකරණය වෙත ගියා. උද්ඝෝෂණය පවත්වන්න බැරිවෙන්න විශාල කොන්දෙසි ප‍්‍රමාණයක් අධිකරණය හරහා නිර්මාණය කරගත්තා. නමුත් ඒ ජනතාව ඒ අධිකරණ නියෝග නොසලකා විරෝධතාව කළා. අනිත් පැත්තෙන් ඒ උද්ඝෝෂණයට සම්බන්ධ සහෝදරවරු ගණනාවකට කැස්බෑව අධිකරණයේ පෙනී ඉන්න කියලා සිතාසි නිකුත් කරලා තියෙනවා. දැන් උද්ඝෝෂණ සංවිධානය කරන අය සහ උද්ඝෝෂකයෝ උසාවි ගෙන්වන එක ආණ්ඩුවේ වැඩපිළිවෙළ වෙලා තියෙනවා.
අධිකරණයේ නියෝගවල තියෙන්නේ මේ විරෝධය පළ කරන එක මහජන පීඩාවක් කියලා.
ඇත්තටම මහජන පීඩාව තියෙන්නේ කොතනද? කරදියාන ප‍්‍රදේශයේ මිනිස්සුන්ට උයාගත්ත ආහාර ප‍්‍රයෝජනයට ගන්න බැහැ. ?ට ගෙදරක ජීවත් වෙන්න බැහැ. එක් පැත්තකින් මදුරු පීඩාව නිසා ඒ ප‍්‍රදේශවල ජීවත් වෙන්න බැහැ. ඒ වගේම ප‍්‍රදේශය පුරා ඉවසිය නොහැකි දුර්ගන්ධයක් හමනවා. ඒ ජනතාවට නිදහසේ හුස්ම ගන්න බැරි එක තමයි පළවෙනි මහජන පීඩාව. ඒ විතරක් නෙවෙයි, මේ කසළ කන්ද නිසා අහිංසක මිනිස්සු පවුල් පිටින් වැලලී යනවා. ඉතින් ඒ මහජන පීඩාවට එරෙහිවීම තමයි යුක්තිය. ඒ පීඩාවට එරෙහිව සටන් වදින එක තමයි යුක්ති ගරුක වෙන්නේ. ඒ වෙනුවෙන් ජනතාව සංවිධානය වෙනවා. ඊට මර්දනය මුදාහරින එක තමයි ආණ්ඩුවේ වැඩපිළිවෙළ. මේ ආණ්ඩුව ප‍්‍රජතන්ත‍්‍රවාදය ගැන වැදි බන දෙසපු ආණ්ඩුවක්.
මේ තත්වයට එරෙහිව ප‍්‍රබල ජනමතයක් ගොඩනැගීමේ, ජනතාව සංවිධානය කිරීමේ අවශ්‍යතාවක් තියෙනවා. එහි ජනතාව කියනවා මේ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් පසුගිය කාලේ ලෙඩ රෝගවලින් මියගියා කියලා. ඩෙංගුවලින්, වෙනත් විෂබීජ ශරිරගතවීම නිසා. ගර්භනී තත්වයේ ඉන්න මව්වරු මියයාම. වැනි පරිසර ප‍්‍රශ්න නිසා පසුගිය අවුරුදු 7-8 තිස්සේ මිය ගිය සංඛ්‍යාව වැඩියි. ඒවා මෙතන ගණනය කෙරෙන්නෙත් නැහැ.
ජපානයෙන් පැමිණි පරික්ෂණ කාණ්ඩායම කිව්වා මීතෙන් වායුව මේ ප‍්‍රදේශයේ ඉතා ඉහළ ප‍්‍රතිශතයක් ගන්නවා. මිතෙන් වායුව පොළොව උඩට නිකුත්වීම නොවී එකතු වෙනවා. වාතයට එකතුවීම වෙනුවට පොළව අභ්‍යන්තයේ කුහර සකස්වෙලා, අභ්‍යන්තර වායු කුහර තුළ එක්රැුස් වෙනවා. ඒ කුහර තුළ මීතෙන් වායුව 16%ක විතර අගයක් ගන්නවා කියනවා. සාමාන්‍යයෙන් වායු ගෝලය තුළ මීතෙන් වායුව තියෙන්නේ 1%ත් වඩා අඩුවෙන්. ඔවුන් කිව්වා 1.5%කට වඩා වැඩි නම් ඔනෑම වෙලාවක පුපුරායාමේ අවදානමක් තියෙනවා කියලා.
පසුගියදා ඇති වූ කණගාටුදායක සිද්ධියෙන් මෙතැන නිවාස 100ක් විතර විනාශ වුණා. ඒ වගේම පවුල් විශාල ප‍්‍රමාණයක් විනාශ වුණා. මේක සාපරාධී ඝාතනයක්. දැන් පණ බේරාගත් අයට ඉවත් වෙන්න කියනවා. එහෙම කියද්දි ඔවුන්ට සාධාරණ විසඳුමක් නැහැ. මහල් නිවාසයක නිවාස 30කට ආසන්න ප‍්‍රමාණයක් දුන්නා. අනෙක් සියලූ දෙනා කියනවා එවට යන්න බැහැ කියලා. පරණ වී ගබඩාවක් ප‍්‍රතිසංස්කරණය කරලා ඒකට යන්න කියනවා. ඔවුන් කියනවා අපේ නිවාස තක්සේරු කරලා ඒ වටිනාකම ගෙවන්න කියාලා. දැන් අවදානම් කලාපයක් නම් කරලා රු.15,000ක් දීලා යන්න කියනවා. ඒ මිනිස්සුන්ට රුපියල් 15000කට යන්න තැනක් නැහැ. ඒ අවදානම් කලාපයේ ඉන්න ජනතාවට ජීවත්විය හැකි සාධාරණ වටපිටාවක් නිර්මාණය කරන්න ඕන. එහෙම නැතුව ඉවත්වෙන්න කියන එක උත්තරයක් නෙවෙයි. පරණ වී ගබඩාවට යන එක ප‍්‍රශ්නයට උත්තරයක් නෙවෙයි. ඒ අය මිනිස්සු හැටියට සලකලා මනුෂ්‍යයන්ට ජීවත් විය හැකි පරිසරයක් හදන්න ඕන.
මේ කුණු කන්ද ආශි‍්‍රතව ඇල මාර්ගයක් තියෙනවා ඒක කැලණි ගගට එකතු වෙනවා. මේකෙන් විශාල අපද්‍රව්‍ය ප‍්‍රමාණයක් ගඟට එකතු වෙනවා. පරිසරවේදීන් ගණනය කරලා තියෙනවා. බී. ඕ. පී. අගය 8 – 12ත් අතර අගයක් තියෙනවා කියලා. මීතොටමුල්ල කුණු කන්ද ආශි‍්‍රත ඇල මාර්ගයේ 40000ක විතර අගයක් ගන්නවා. මේකෙන් කැලණි ගඟ ආශි‍්‍රතව ජලය පරිහරනය කරන ජනතාවත් අවදානමට ලක් වෙනවා. මේක මීතොටමුල්ල, කරදියාන, දොම්පේ හා වත්තල ජනතාවට විතරක් මුහුණ දෙන්න තියෙන ප‍්‍රශ්නක් නෙවෙයි. සංවර්ධනය කියනවා. ඒ සංවර්ධනයේ කණු ගොඩවල්වලට යට වෙලා මිනිස්සුන්ට මියැදෙන්න වෙනවා. 1977න් පස්සේ ආරම්භ කරපු නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තියෙ අවසාන දායදය වෙලා තියෙන්නේ මේක.
දැන් අපෙන් අහනවා මේ කුණු කොහෙද? ගොඩකරන්නේ කියාලා. ඒක අපේ අහන්න එපා. මේච්චර කාලයක් කසල කළමනාකරණය කරගන්න වැඩපිළිවෙලක් හදාගන්න බැරි වෙලා තියෙනවා. සමහර නිෂ්පාදන බහාලූම් අවශ්‍යද නැද්ද කියලා ප‍්‍රශ්නයක් තියෙනවා. වෙළඳපොළ අවශ්‍යතාව වෙනුවෙන් තමයි මේව එක එක දවටනවල ඔතලා ලස්සන කරලා එවන්නේ. මීට වඩා කසල එකතුවෙන රටවලත් ඒවා කළමනාකරණය කර ගැනීමට වැඩපිළිවෙළක් හදාගෙන තියෙනවා. මේවා කළමනාකරණය කරලා බලශක්තිය නිෂ්පාදනය කරනවා. ජීව වායුව, විදුලිය, පොහොර වැනිදේ නිෂ්පාදනය කරනවා.
වගකිව යුතු ආණ්ඩුවක වැඩපිළිවෙළ වෙන්න ඕන මේවැනි ආපදා තත්වයක් නිර්මානය වුණාට පස්සේ හරි ඒක ප‍්‍රධාන වගකීමක් ලෙස අරගන්න ඕන. නමුත් දැන් බලන්නේ යකඩ සපත්තුවෙන් පාගලා, ගැසට් ගහලා මර්දනය කරන්නේ කොහොමද හිතන එක තමයි ආණ්ඩුවෙ වැඩපිළිවෙළ. ඒකට වැඩපිළිවෙළ හදන ආණ්ඩුවට කසල කළමනාකරණයට වැඩපිළිවෙළක් නැහැ. අවුරුද්දකින් දෙකකින් මුදල් වෙන් කරලා කැබිනට් තීරණ අරගෙන වැඩපිවෙළක් හැදුවා කියලා පෙන්නවන්නේ නැහැ. එහෙම පෙන්වනවා නම් අපිට පුළුවන් ඒ දක්වා මොකක්ද කරන්නේ කියලා සාකච්ඡුා කරන්න. එහෙම මොකක්වත් නැතුව ජනතාවගෙන් අහනවා කසලවලට මොකක්ද කරන්නේ කියලා.“
”
Related News