தமிழ்
English
Contact
Sunday 27th August 2017    
කරදියාන කසළ කදුගැසීමට එරෙහි විරෝධතාකරුවන්ට අධිකරණ නියෝග! « Lanka Views | Views of the truth

කරදියාන කසළ කදුගැසීමට එරෙහි විරෝධතාකරුවන්ට අධිකරණ නියෝග!



කොළඹ නාගරිකයේ කසළවලින් කොටසක් කරදියාන ප්‍රදේශයේ ගොඩගැසීමට ගත් පියවර සම්බන්ධයෙන් විරෝධය දැක්වූවන් අතුරින් දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ ගම්වැසියන් අධිකරණයට කැදවා ඇත.

එම නියෝගය අනුව, ජනතා උද්ඝෝෂණය සංවිධානය කරනවුන් ලෙස‍ සලකමින් අරඅණ ප්‍රියහාන්ත, ලක්ෂමන් නිපුණාරච්චි, සුමන රනවීර, ලක්ෂ්මන් පෙරේරා, මොහාන් ලාල්, නීතිඥ යසරත්න යාපා, රොනී ෆොන්සේකා සහ දුමින්ද නාඔටුන්න යන අය මෙසේ කැදවා ඇත. එසේම කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම පුද්ගලයන් සම්බන්ධව නියෝග දෙකක් නිකුත් කර ඇත.

එසේම අප්‍රේල් 20 සිට මැයි 04වනදා තෙක් දින 14ක් කාලයක් යන තුරු එහි විරෝධතා දැක්වීම වලක්වාලමින් අධිකරණය එම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.

කරදියාන කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අසළ විරෝධතා දැක්වීමට එරෙහිව පිළියන්දල පොලීසිය විසින් කැස්බෑව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් වාරණයක් ඉල්ලා තිබිණි.  කෙසේවෙතත් මෙම විරෝධතා සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා ඇති වාරණය ලබාදීමට අධිකරණය කටයුතු කර නැත. ඒ වෙනුවට එම අධිකරණය නියෝගයක් ලබා දී ඇත්තේ “මෙම උද්ඝෝෂණය සිදුකරන මාර්ගයේ වාහනවලට මහජනතාවට කැලිකසළ රැගෙන එන වාහනවලට කිසිදු පීඩාවක් අනර්ථයක් සිදු නොවන ආකාරයට මෙම උද්ඝෝෂණය පැවැත්විය යුතුයි” යන අන්දමිනි.

නුගේගොඩ අධිකරනයේ නියෝගය