සිරස එෆ්.එම්. නාළිකා ප්‍රධානි කිංස්ලි රත්නායක ඉවත් වේ
Posted on 04.21.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සිරස ගුවන්විදුලි ආයතනයේ නාළිකා ප්‍රධානි ලෙස කටයුතු කළ කිංස්ලි රත්නායක ආයතනික ගැටලුවක් හේතුවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බවට වාර්තා පෙළ වෙමින් තිබේ.
සිරස මාධ්‍ය ජාලයේ සභාපතිනී ශාන්ති බගිදරන් මහත්මිය සමඟ ඇති වූ වගකිම් සම්බන්ධ ගැටුමක් හේතුවෙන් මෙම ඉවත්වීම සිදුව ඇති බවට වාර්තා වේ. දින කිහිපයකට පෙර ඇතිවූ එකී ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස තම ඉල්ලා අස්වීම ආයතනයේ පාලන අධිකාරිය වෙත භාර දුන් කිංස්ලි රත්නායක, තමන් සතු බඩු බාහිරාදිය රැගෙන ආයතනයෙන් ඉවත්ව ගොස් ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.
පෞද්ගලික ගුවන්විදුලියක් ලෙස සිරස එෆ්.එම්. ආයතනය ආරම්භයේ සිටම නිවේදකයෙක් හා වැඩසටහන් නිෂ්පාදකයෙක් කටයුතු කළ කිංස්ලි නිර්මානශීලී හැකියාවන් තුළින් නව ගුවන්විදුලි අත්දැකීම් රැසක් ශ්‍රාවකයන්ට ලබා දීමෙන් රසික ආකර්ෂණය දිනාගත්තෙකි. ඒ නිසාම විවිධ ගුවන්විදුලි නාලිකා ඔහුගේ සේවය ඉල්ලා සිටින අවස්ථාවලදී මහරාජා ආයතනය විසින් වැටුප හා උසස්වීම් වැඩි කරමින් ඔහුගේ සේවය ලබාගත් බව තතුදත් ආරංචි මාර්ග පවසයි. එසේ වුවද පසුගිය කාලයේ ඔහු සිසර ආයතනයේ සේවය කළේ කිසිදු තෘප්තිමත්භාවයකින් නොවන බවට තොරතුරු පළ විය. සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරමින් තමන් ගන්ධබ්බ අවධියක් ගතකරන බව සහ ඉක්මනින් එම තත්වයෙන් මිදෙන බවද පවසා තිබිණී.
Related News