ජාත්‍යන්තර කම්කරු දිනය පිළීබද සංවාදයක් අක්ෂය සාමූහිකය සහ වමේ හඬ යන සංවිධාන එක්ව සංවිධානය කරයි.
මෙම දේශපාලන සංවාද සභාව අප්‍රේල් 27 වන බ්‍රහස්පතින්දා සවස 3.30 ට මරදාන, සමාජ හා සාමයික කේන්ද්‍ර (CSR) ශාලාවේදී පැවැත්වේ.
මෙම සංවාදය සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් පුබුදු ජයගොඩ, වමේ හඬ සංවිධානය වෙනුවෙන් නීල් විජේතිලක, වෙළද කාර්මික හා පොදු සේවක සංගමය වෙනුවෙන් සිල්වෙස්ටර් ජයකොඩි ලංකා, වෘත්තීය සමිති ක්‍රියාකාරික කේශර කෝට්ටේගොඩ, අක්ෂය සාමූහිකය වෙනුවෙන් ලක්මාලි හේමචන්ද්‍ර සංවාද දායකත්වය ලබා දෙනු ඇත.