தமிழ்
English
Contact
Sunday 27th August 2017    
ජනාධිපති සයිටම් විසදුම දෙයි! – අධ්‍යාපන පෞද්ගලිකකරණය පිළිවෙත බව පිළිගනී! « Lanka Views | Views of the truth

ජනාධිපති සයිටම් විසදුම දෙයි! – අධ්‍යාපන පෞද්ගලිකකරණය පිළිවෙත බව පිළිගනී!



මාලබේ පෞද්ගලික රෝහල රජය යටතට ගැනෙන බවත් සයිටම් ආයතනය කොටස් වෙළදපොළ ලැයිස්තුගත සමාගමක් බවට පත්කර ඇති බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වරයා පවසයි.

ඉදිරියේදී සයිටම් ආයතනයේ ගාස්තු සංශෝධනය කර ශිෂ්‍යත්ව ප‍්‍රමාණය වැඩි කරන බවද කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැති පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා කීවේය. මෙහිදී රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාම රජය ප‍්‍රතිපත්තියක් යැයිද ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පිළිගත්තේය.

ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ සයිටම් ආයතනයේ ඒකපුද්ගල අයිතිය අහෝසි කර එය කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමක් බවට පත් කරන ලෙස නියෝග කළ බවත්ය.  ඉන්පසුව එහි කළමනාකරණයට හා පාලනයට ස්වාධීන කවුන්සිලයක් පත්කරන ලෙස උපදෙස් දී ඇති බවද ජනාධිපතිවරයා කීය.

 




Related News