தமிழ்
English
Contact
Saturday 7th April 2018    
සයිටම් අහෝසි නොකළොත් මැයි මුල දැඩි ක්‍රියාමාර්ග - GMOA | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සයිටම් අහෝසි නොකළොත් මැයි මුල දැඩි ක්‍රියාමාර්ග – GMOA



වෛද්‍ය උපාධිය මුදලට ලබාෙදන සයිටම් ආයතනය අෙහා්සි කරන ලෙස විරෝධතා පවතින අතර රජයෙන් විසදුමක් දෙන බව පවසමින් ඒය රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය සිය විරෝධය පළ කර සිටී.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදඒස් දක්වමින් රජය් වෛද්‍ය නිලධාරි සංගමෙය් උප‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ රජය විසින් ගෙන යන අත්තෙනා්මතික පියවර සම්බන්ධව තවත් ප්‍රබල වෘත්තීය සමිති අටක් සමග වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි. ලබන මැයි මාසය ආරම්බ වත්ම දීප ව්‍යාප්තව විරෝධතා හා වෘත්තිය පියවර ක්‍රියාත්මක කරන බවත්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. බැංකු, අධ්‍යාපන, වරාය, ඛනිජ තෙල්, ප්‍රවාහන, ජලය හා විදුලිය යන වෘත්තීය සමිති ද මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට සහය පළ කිරීමට එකඟ වී ඇතැයි උප සභාපතිවරයා කීය. තම සංගමයේ මධ්‍යම කාරක සභාව ලබන 26 වෙනිදා රැස්වෙන බැවින් එහිදි ගත යුතු වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය නිශ්චිත තීරණය කරන බවත් අැතැම් විට  මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයන් අඛන්ඩ වැඩ වර්ජනයන් දක්වා දීර්ඝ විය හැකි යැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි.
වෛද්‍ය අලුත්ගේ එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් මෙසේ පවසා සිටියේය. “සෞඛ්‍ය ඇමතිවරයා  දත් දොස්තර කෙනෙක්  ඔහු රෝගියෙකුගේ බඩ හෝ මොළයේ ක්‍රියාකාරිත්වය ගැන දන්නේ නැහැ. එවැනි පුද්ගලයෙකු හා තවත් ඇමතිකම් දරණ පුද්ගලයෙකුට වෛද්‍යවරයෙක් බිහි කළ යුතු අන්දම ප්‍රකාශ කිරීමේ සදාචාරාත්ම අයිතියක් නැහැ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පමණයි ඒ අයිති තියෙන්නේ. මේ ඇමතිවරුන් දෙපලම පෞද්ගලික මුදලාලි කෙනෙක් රැක ගැනීමට ලොකු සටනකට යෙදිලා තිබෙන බව අද මුළු රටම දන්නා කරුණක්. මේ දෙපලම මහජන මුදල් වැය කරලා පුවත් පත්වල සයිටම් ආයතනයට පක්ෂපාතී දැන්වීම් පළ කරනවා. නිෙව්දන නිකුත් කරනවා. මේ සදාචාර විෙරා්ධී වැඩ නතර කරන්න කියලයි අපි කියන්නේ. මොවුන් සයිටම් ඒකට පක්ෂ නම් ඒ් පුවත් පත්වල ප්‍රවෘත්ති නිවේදන පළ කරනවා නම් එය කළ යුත්තේ තමන්ගේ පෞද්ගලික මුදල්වලින්. සයිටම් ආයතන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගිය කාලයේදී පංච පුද්ගල කමිටුවක් පත් කලා සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය යම් ප්‍රතිපත්තියකට එළඹෙන්නේ නම් එසේ එළඹිය යුතු වන්නේ එම කමිටුවේ උපදෙස් ලබා ගෙනයි. මේ ඇමතිවරුන් දෙදෙනාට ඕනෑ විදිහට ප්‍රතිපත්ති සකස් කරන්න බැහැ. සංගමයක් විදිහට අපි එයට ඉඩ ලබා දෙන්නෙත් නැහැ. සයිටම් ආයතනයේ අයිතිය සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙන බව ජනාධිපතිවරයා පවා අද පිළිගෙන තිබෙන කරුණක්. ලෝකයේ කොහේවත් තනි පුද්ගලයෙකු සතුව වෛද්‍ය විද්‍යාලයක් නැහැ. තියෙනවා නම් ඒ සයිටම් පමණයි.”




Related News