පරිසරය හා ජීවිත වෙනුවට පරිසර ඇමති කසළ කප්පම්කරුවන් රකිනවාද?

වසර අටක් තිස්සේ  මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව සටන් කළ දයාබර සටන් සගයන් මියගොස්ය. තවකෙකුගේ කිසිදු ඥාතියෙකු හෝ නොමැත ඔවුන් කුණුකන්දට යටවී ගොස්ය. දැනට මියගිය සංඛ්‍යාව තිහකට ආසන්නය අතුරුදහන් වූවන් සමග මියගිය ප්‍රමාණය පනස්හතකට ආසන්නය. සියල්ල අහිමි කළ පසු මිනි ගනන් කිරීමෙන් පලක් නැත.  මළ මිනියකට ලක්ෂයක් ලංසුව තබා ආණ්ඩුව මෙම මනුෂ්‍ය ඝාතනයෙන් ගැලවීමට උත්සාහ කරමින් ඇත. මෙම ස්භාවික ව්‍යවසනයක් නොව මනුෂ්‍ය ඝාතනයකි. එහි වගකීම සමස්ත කොළඔ ජනතාවත් මෙරට ආණ්ඩු හා මෙයින් කප්පම් ගත් දේශපාලකයන් බාරගත යුතුය .

මෙවන් කූණු කදු පුපුරා යාමට හැකියාවක් ඇත්තේ වර්ෂා කාලයේ ජලය කුණු කදුමතට අධික ලෙස එක් වීමෙන් ඇතිවන නාය යෑමෙි ස්වභාවයන් නිසා හෝ මීතේන් වායුව (CH4)එක් වී කුණු කදු ඇතුලත සිදුවන කුඩා පිපිරීම් නිසා ඇතිවන නාය යාමේ තත්වයන් විය හැකිය. දෙදහස් පහ වර්ෂයේ ජාවාහී එකසිය හතලිස් තුනකට ජීවිත අහිමි කරමින් එහි වීශාල කුණු කන්ද නාය ගියේ මීතෙන් වයුව සමග ඇති වූ පුපුරා යාම් නිසාය. එමෙන්ම පසුගිය මාර්තු 12 වැනි දින ඉතියෝපියාවේ අඩිස් අබාබාහී කුණු කන්ද පුපුරා ගොස් 120 වැඩි පිරිසක් මිය ගියේ මිතොටමුල්ලේ කුණු කන්ද පුපුර නාය ගිය විලසින්මය . නමුත් මෙිවා උදාහරණ ලෙසවත් ගෙන ජන ජීවිත් ආරක්ෂා කිරීමට මෙරට පාලකයන්ට වුවමනාවක් නැත.

එක්දහස් නවසිය අසූනවය කාලයේ සිට මීතොටමුල්ලට කුණු ගෙනවිත් දැමීමට එවකට මුල්ලේරියාව , කොළොන්නාව, කොටිකාවත්ත පළාත් පාලන ආයතන පටන් ගත් අතර ඒසේ කුණු දැමිම ආරම්භ කළේ කැළණි ගංගා නිම්නයේ ජල ගැලීම පාලනය කිරීමට තිබූ තෙත් බිමක් හා වෙල්යායකටයි.

මෙලෙස ආරම්භ වූ කුණු දැමීම දෙදහස් නවය වසරේ මහා පරිමාණ ලෙස සිදුකරන්නට පටන්ගත්තේ බිලුමැන්ඩන් හි කුණු දැමීම තහනමි  වූ පසුවය. ඒ  එවකට අග විනිසුරු සරත් එන්. සිල්වා විසින් කරන  ලද නියෝගයකට නතු වෙමිනි. මුලින් මීතොටමුල්ල ප්‍රදේශයේ අක්කර දෙකකින් ආරම්භ වූ කුණු දැමීම වසරින් වසර ගෙවී ගොස් දෙදහස් පහළව වන විට අක්කර දහනවයක් පුර  පැතිර ගිය මීටර් තුන්සියයකට වඩා උස දැවැන්ත කුණු කන්දක් බවට පත් විය.

මෙම ප්‍රදේශයේ කුණු දැමීමට අවසර තිබුනේ කොළඔ නගර සභාවට පමණි. නමුත් සෑම දිනකම රණාල, බියගම, කඩුවෙල ප්‍රදේශවල පුද්ගලික ආයතනවල විෂ සහිත අපද්‍රව්‍ය මෙම කුණු ගොඩට බැහැර කරණ ලදී . ඒ රවින්ද්‍ර උදයශාන්ත ඇතුළු  කප්පම්කරුවන්ට එක් ලොරියකින් දිනකට රුපියල් හාරදහසක පමණ මුදලක් කප්පම් වශයෙන් ලාබාදීමෙනි.

කෙසේවෙතත් දිනකට මීතොටමුල්ල කුණු කන්දට කුණු ටොන් එක් දහස් දෙසිය පණහකට වඩා වැඩි පරමාණයක්  කොළඔ අවටින් ගෙනැවිත් දමන ලදි. මෙහි දීර්ඝ කාලීන ප්‍රතිලයක් ලෙස ජනතාව වීශාල වශයෙන් රෝගාතුරව සිටි අතර භූගත ජලය දූෂණය වීමෙි සිට නොයෙක් පාරිසරික ප්‍රශ්ණ මෙම ප්‍රදේශයේ පැන නගින්නට විය.

එය හොදින් දැනුන මීතොටමුල්ල ජනතාව විවිධ පාර්ශවයන්  දැනුවත් කිරීමි වලින් අනතුරුව  ව2013 වසරේත් 2015 වසරේත් උද්ඝොෂණ වලට යොමු වූ අතර ඒවට සවන් දෙනවා වෙනුවට පැවති හා පවතින රජයන් කලේ තම ජීවිත බෙිරාගැනීම වෙනුවෙන් සටන් කල ජනතාවට කුණු වලින් කොමිස් ගන්නා මැරයන් ලවා පහර දීමයි. මීතොටමුල්ල, කුරුණියවත්ත, දහම්පුර, 101 වත්ත, වැල්ලම්පිටිය,පන්සල් හේන. නාගහවත්ත ඇත ජනතාවට පහර දී රෝහල් ගතකිරිමෙන් නොනැවතී ඔහුන්ව ඝාතනය කිරීමට අවශ්‍ය වට පිටාව  මෙිතාක් පැවතී රජයන් විසින් නිර්මාණය කරන ලදී .

ජනතා විරෝධයන් මධ්‍යයේ කුණු කදු ගොඩගසමින් ඔහුන්ට සවන් නොදී මීතොටමුල්ල ජනතාව මරණයට තල්ලු කල බලදාරීන් මීතොටමුල්ලේ නතර නොවී ඒකල ප්‍රදේශයේ මෙම කුණු නැවත ගෙඩ ගසන්නට උත්සහ දරමින් සීටී.

කිරිදිවෙල, මුතුරාජවෙල, කරදියාන පමණක් නොව රටපුරාම ජනතාව කුණු කදු වලට බිලි දෙන තුරු පරිසර අමාත්‍යංශය හෝ වගකිවයුතු උදවිය කුණු ප්‍රතිනිෂ්පාදන සදහා හෝ පොහෝර නිෂ්පාදනය සදහා භාවිතා කරන්නට අදහසක් නැත. වෙනත් රටකනමි කුණු යනු මහගූ සමිපතකි. එය ආදයමි උත්පාදනය වෙනුවෙන් යොදාගන්නා මහගු සම්පතකි

කිරිදිවෙල, මුතුරාජවෙල, කරදියාන පමණක් නොව රටපුරාම ජනතාව කුණු කදුවලට බිලි දෙන තුරු පරිසර අමාත්‍යංශය හෝ වගකිවයුතු උදවිය කුණු ප්‍රතිනිෂ්පාදන සදහා හෝ පොහෝර නිෂ්පාදනය සදහා භාවිතා කරන්නට අදහසක් නැත. වෙනත් රටකනමි කුණු යනු  ආදයමි උත්පාදනය වෙනුවෙන් යොදාගන්නා මහගු සම්පතකි .

නමුත් අවාසනාවකට මෙරට බලදාරින් කුණු කදු ගොඩ ගසමින් එය පාතලයේ එක් ආදායම් මාර්ගයක් බවට පත්කර ඇත. මිනිසුන්ගේ ජීවිත බිලිදෙමින් කුණු වලින් කප්පමි ගන්නා කප්පම්කරුවන් ආරක්ෂා කිරීම වෙනුවට පිටරටවලින් ගෙනෙන විද්‍යුත් අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට දැන් තිත තැබිය යුතුය. මෙරට එක්වන අපද්‍රව්‍ය කළමණාකරනය කර ප්‍රතිනිෂ්පාදනයන් සදහා යොදාගත හැකිය. එයට අවශ්‍යය තාක්ෂණික දැනුම පරිසර අමාත්‍යංශයේ ආරම්භ වී වැළලා දැමූ පිළිසරු ව්‍යාපෘතියට පණදීමෙන් ලබාගත හැකිය .

එසේ නොකර ජනතාවගේ ජීවිතයට ලක්ෂයකින් වන්දී දී ඔහුන් විසින් සිදුකල මෙම ඝාතන යටගැසීමට බැරිය. නමුත් ඉදිරියට හෝ මෙවන් දේ සිදුවීමට ඇති ඉඩ කඩ අහුරා කුණු කළමණාකරනය වෙනුවෙන් අවශ්‍ය පියවරක් දැන්වත් ගතයුතුය.

රවින්ද්‍ර කාරියවසම්