උතුරේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් ලබාදෙනු! – සම අයිතිය උද්ඝෝෂණයක්

උතුරේ ජනතාවට අහිමි කර ඇති අයිතිවාසිකම් වහා ලබා දෙන ලෙස බලකරමින් සම අයිතිය ව්‍යාපාරය ගෙනයන අරගලයේ තවත් පියවරක් ලෙස අද(20) දින නුවර හා මීගමුව නගරයේ නිහඩ විරෝධතා පැවැත්විණී.

යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත් එම ජනතාව මේ වනවිටත් ස්ථාන ගණනාවක සිය ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහ ඇතුළු අරගල ක්‍රියාමාර්ග ගෙනයති. එම අරගලයට සහය දැක්වීම සඳහා සම අයිතිය ව්‍යාපාරය මගින් කොළඹදී සතියක විරෝධතාවක්ද පවත්වන ලදී. එම වැඩපිළිවෙළ්ම කොටසක් ලෙස තවත් නගර ගණනාවක එක්දින උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහි පළමු පියවර ලෙස අද (අප්‍රේල් 20වැනිදා) මීගමුව සහ මහනුවර නගරවල එක්දින නිහඬ විරෝධයක් පවත්වන ලදී. මෙහිදී ඉල්ලීම් ලෙස පහත සටන්පාඨ ඉදිිපත් කරන ලදී.

*උතුරු නැගෙනහිර ජනතාවගේ පැහැරගත් ඉඩම් ජනතාවට ලබා දෙනු !

*සියලු අතුරුදහන් කිරීම් වහා හෙලිකරනු !

*සියලු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු !

*ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඇතුළු සියලු මර්දන නීති වහා අහෝසි කරනු!

මීගමුව විරෝධතාව

නුවර විරෝධතාව

Save

Leave a Reply