ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන්න – සජිත්ට නියෝග

sajith-premadasa

ශ්‍රේෂ්ඨාධිකරණය කරුණු දක්වන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසකට නියෝග කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස නියෝග කර තිබුණේ සමෘද්ධි අරමුදල් අත්තනෝමතික ලෙස පරිහරණය කරන බවට චෝදනා කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් සළකා බැලීමෙන් අනතුරුවය.

පෙත්සම්කාර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර පවසන්නේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සිය දේශපාලන හිතවතුන් අතරේ සමෘද්ධි අරමුදල් විශාල ලෙස බෙදා හරිමන් සිටින බවයි.

තවද අමාත්‍යවරයාගේ මෙම ක්‍රියා කලාපය සමෘද්ධි වැඩ සටහනේ මූලධර්මවලට පටහැණි බව ද මීට අදාලව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කළ ද මේ තාක් පරීක්ෂණයක් පවත්වා නොමැති බවද පෙත්සම්කරු පවසයි.

එබැවින් මේ තුළින් තමාගේත් සමෘද්ධිලාභීන්ගේත් මූලික අයිතීන් කඩ වන බවට තීන්දුවක් ලබා දෙන මෙන් පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා සිටියි.

Leave a Reply