ප්‍රවීන රංගධර ටෝනි රණසිංහ මහතා ඊයේ (ජූනි 16) පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී දැයෙන් සමුගත්තේය.මිය යන විට එම මහතා 77වන වියේ පසුවිය.
1939 ජූලි 31 වනදා උපත ලැබූ ඔහු රංගනයට ප්‍රවිශ්ට වූයේ 1963දී රන් තෝඩු නාට්‍යය හරහාය.එහිදී හොදම වේදිකා නළුවා ලෙස රාජ්‍ය සම්මාන ලබා ගත් ඔහු ශේක්ෂ්පියර් නාට්‍ය නිර්මාණයෙන් වේදිකාවට නව ජීවයක් ගෙන දුන්නේය.1964දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගම් පෙරලිය සිනමා පටයෙන් සිනමාවට අවතීර්ණ වූ ඔහු තම ජීවිත කාලය තුළ සිනමාපට 118කට පමණ රංගනයෙන් දායක වී ඇත.
හන්තානේ කතාව, දුහුල් මලක්,අහසින් පොලොවට වැනි චිත්‍රපට ගණනාවක හොදම නළුවා සම්මානය දිනා ගැනීමට තරම් දක්ෂතාවන් ප්‍රකට කළ ඔහු සප්ත කන්‍යා, පරසතු මල් වැනි චිත්‍රපටවල හොදම නළුවා සහ හොදම සහාය නළුවා ලෙස සරසවි සම්මානයටද පාත්‍ර විය. කොටි වලිගය,කෙළිමඩල,අවරගිර,පවුරු වළලු වැනි සම්මානනීය සිනමා කෘති වල තිර පිටපත් රචකයා වී ඒ උදෙසා සරසවි සමිමානද ලැබීය.
වේදිකාව ,සිනමාව පමණක් නොව පසු කළෙක පුංචි තිරයේද නොමියෙන නමක් රැන්දූ රංගධරයා ජීවන රග මඩලෙන් සදහටම බැස ගියේය.