වැලිකඩ සංහාරයට විරුද්ධව දැන්වත් යුක්තිය ඉටු කරන්න

welikada-picket-2015.06.16-2

2012 නොවැම්බර් 09 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් 27 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙස බල කිරීමේ උද්ඝෝෂණයක් අද (16) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්විණි. ‘වැලිකඩ රැඳවියන් ඝාතනයට එරෙහි ජනතා එකතුව’ විසින් එය සංවිධානය කරනු ලැබ තිබිණි. උද්ඝෝෂකයන් පෙන්වා දුන්නේ ඝාතනය සම්බන්ධයෙන් දැන් නව වාර්තාවක් ඉදිරිපත් වී තිබෙන නිසාත් ඇසින් දුටු සාක්ෂි තිබෙන නිසාත් වැරදිකරුවන්ට කඩිනමින් දඬුවම් නොදී සිටීමට කිසිදු හේතුවක් නැති බවයි.

Senaka-Perera-Lawyerනව පරීක්ෂණ කමිටු වාර්තාව පදනම් කර ගෙන වැරදිකරුවන්ට වහාම දඬුවම් දෙන ලෙස මාධ්‍ය අමතා ඉල්ලා සිටි නීතිඥ සේනක පෙරේරා මහතා, මෙම ඝාතන නිසා පවුල් රැුසක් අසරණ වී සිටින බවත් ඔවුන්ට වන්දි ලබාදිය යුතු බවත් අවධාරනය කළේය. ”මේ රැඳවියන් ඝාතනය වුණේ රජයේ භාරයේ සිටියදී. ඒ නිසා ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නත් නීතිය ක‍්‍රියාත්මක කරන්නත් වන්දි ගෙවන්නත් රජයට වගකීමක් තිබෙනවා” යැයි ඔහු පැවසුවේය.

Wickramabahu-Karunarathneපරීක්ෂණ කමිටුව විසින් අගමැතිවරයා වෙත බාර දුන් වාර්තාව තවමත් ප‍්‍රසිද්ධියට පත් කර නැති නිසා එහි කුමක් අඩංගුදැයි තවමත් කිසිවකුත් නොදන්නා බව වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පැවසුවේය. ඒ නිසා කමිටු වාර්තාව කඩිනමින් ප‍්‍රසිද්ධියට පත් කරන ලෙස බල කරන්නේ යැයිද ඔහු පැවසුවේය.

සිරිතුංග ජයසූරිය මහතාද මෙහිදී අදහස් දැක්වීය.

 

welikada-picket-2015.06.16-1