බස්නාහිර පළාත් සභා පාලනය යටතේ පැවැති මීගමුව රෝහල මධ්‍යම රජයට පවරාගන්නා ලෙස බලකරමින් අද (17) දින දහවල් මීගමුව රෝහල ඉදිරිපිටද දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි.
මේ හේතුවෙන් කොළඹ – මීගමුව මාර්ගයේ ගමනාගමන කටයුතුවලට අද දහවල් බාධා මතුවිය.
ආගමික නායකයින් ඇතුළු විශාල පිරිසක් මීට සහභාගී විය.
මෙහිදී උද්ඝෝෂකයින් පවසා සිටියේ මීගමුව රෝහල අද පත්ව ඇති තත්වයට මුළුමනින්ම පළාත් සභා පාලනය වගකිව යුතු බවයි.
