මහින්දගේ කාලේ තිබුණ කිසිදු හමුදා කඳවුරක් අපි ඉවත් කළේ නෑ – එජාපය

Kabir-hashim

පසුගිය ආණ්ඩුව සමයේ පැවති උතුරේ කිසිදු හමුදා කඳවුරක් වත්මන් ආණ්ඩුව විසින් ඉවත් කර නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

පසුගියදා මාතර පැවති රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් යොමුකළ නිවේදනයේ වත්මන් ආණ්ඩුව උතුරේ හමුදා කඳවුරු 59ක් ඉවත් කර ඇති බවට සඳහන් කර තිබුණු අතර කබීර් හසීම් විසින් මෙලෙස නිවේදනයක් නිකුත් කර තිබෙන්නේ එයට පිළිතුරු දීමක් වශයෙනි.

එම ප්‍රකාශය සම්පුර්ණයෙන් අසත්‍යය බවත් ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ වත්මන් රජය විසින් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් කබීර් හෂීම් මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Leave a Reply