උද්ඝෝෂණයට ගියොත් මරණවා – පොලිසියෙන් තර්ජනයක්

Samsan-Alwis-Sami

වැලිකඩ රැඳවියන් ඝාතනයට එරෙහිව අද පැවැත් වුණු උද්ඝෝෂණයට සහභාග වුවහොත් මළ සිරුර සොයා ගැනීමටත් නොහැකි වන ලෙස රංගජීව නමැති පොලිස් නිලධාරියා තර්ජනය කළ බව බොරැල්ල මැගසින් පාරේ වාසීහු පවසති. පෙරේදා අලුයම එකට පමණ රංගජීව නමති නාකොටික් අංශයේ පොලිස් නිලධාරියා සහ තවත් සිව් දෙනකු අධික ලෙස බීමතින් පැමිණ පුද්ගලයන් කිහිප දෙනකුට පහර දී තිබේ. සුදු පැහැති කාරයකින් පැමිණ ඇති එම පිරිස පත්තර කොළ අලවා කාරයේ අංක තහඩු වසා දමා පහරදීම් සිදු කර ඇත.

”එක්කෙනෙක් සාලුවක් ඇඳගෙන හිටියේ. එයාගෙ සාලුව ඇදලා වීසි කරලා බිම දමාගෙන හොඳටම ගැහුවා. ඊට පස්සේ උස්සලා කාර් එකේ ඩිකියට දා ගෙන ගෙනියන්න හදලා ආයෙමත් දාලා ගියා” යැයි සිද්ධිය ඇසින් දුටුවකු ‘ලංකාවිව්ස්’ වෙත පැවසුවේය.

උද්ඝෝෂණය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සැම්සන් අල්විස් සාමි පැවසුවේ, මෙම රංගජීව නමැති නිලධාරියා වැලිකඩ ඝාතනවලට ඍජුව වගකිවයුතු අයකු බවයි.

Leave a Reply