ගොවි අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කළ විරෝධතාවක් අද (17) දින දෙහිඅත්ත කණ්ඩිය නගරයේදී පැවැත්වුණි.
අද උදෑසන දෙහිඅත්තකණ්ඩිය නගරයේ පවත්වන ලද උද්ඝෝෂණයකින් ආරම්භ වූ මෙම විරෝධතාව පාගමනින් මහවැලි කාර්යාලය, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව හා ප්‍රාදේශීල ලේකම් කාරයාලය අසලදී පැවැත්වූ අතර පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරම්භ කරන ලදී.
බිත්තර වී සහනාධාරය ලෙස පොරොන්දු වූ රුපියල් 7,000ක මුදල ගොවීන්ට ලබාදෙන ලෙසත්, 2015 මහ කණ්නයේ ඇති වූ නියගය නිසා හානි වූ වගාවන් සදහා ගොවි රක්ෂණ අරමුදල් ලබාදෙන ලෙසත්, සාධාරණ මිලකට වී මිලදී ගන්නා ලෙසත් බලකිරීම මෙම උද්ඝෝෂණයේ අරමුණ විය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ගොවි අරගල ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික, දෙහිඅත්තකණ්ඩිය ගොවිජන කේණ්ද්‍රෙය් සභාපති ජයන්ත රන්දෙනිය ප්‍රකාශ කළේ මෙම විරෝධතා ව්‍යාපාරය දෙහිඅත්තකණ්ඩිය නගරය කේන්ද්‍රකරමින් ආරම්භ කළද මෙම ගැටළු නිසා රටේ සමස්ථ ගොවිජනතාවම පීඩා විදින බවයි.
තවද පාලකයන් සාධාරණ ගොවි ඉල්ලීම් ඉටුකිරීමට කටයුතු නොකරන්නේ නම් අද දින ආරම්භ කළ මෙම අරගලය ගොවි අරගල ව්‍යාපාරය ලෙස රටපුරා ගොවීන් එක්කර ගනිමින් දැවැන්ත අරගලයක් දක්වා ගෙනයාමට කටයුතු කරන බව ජයන්ත රන්දෙනිය වැඩිදුරටත් කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ගොවි අරගල ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික ජයන්ත රන්දෙණිය







