අනතුරු ඇඟවීම් නොතකා 20 ගැසට් කරනවානම් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා – මුස්ලිම් කොන්ග්‍රසය

Rauff-hakeem

මැතිවරණ ක්‍රම සංශෝධනය සදහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් තම පක්ෂය එකඟ නොවන බවත් තම පක්ෂය විසින් කරන අනතුරු ඇඟවීම් නොතකා එම සංශෝධනය ගැසට් කරන්නේ නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසයි.

ඔහු මේ අදහස් පලකළේ ඊයේ (13) දින මාතලේ පැවති රැස්වීමකදී ය.

පසුගියදා සුළු පක්ෂ අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු සුළු පක්ෂ කිහිපයක් යෝජනා කර තිබුණේ නව මැතිවරණ සංශෝධන යටතේ ද්විත්ව ඡන්ද පත්‍රිකා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටය.

නමුත් වුවත් කැබිනට් මණ්ඩලයේදී ඊට අනුමැතිය හිමි නොවූ බව වාර්තා විය.

මේ අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙ සදහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු සුළු පක්ෂ 22 ක් අද (14) දින රැස්වීමට නියමිතය.

මීට පෙර අවස්ථා කිහිපයකදීම ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු සුළු පක්ෂ එක්වී නව 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එහිදී විවිධ පක්ෂ තම පාර්ශවයන්ගෙන් විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් ඉදිරිපත් කර තිබුණි.

අද දින පැවැත්වෙන සාකච්ඡාවේදී එම යෝජනා දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply