සුඩාන ජනාධිපති ඔමාර් අල් බසීර් අත්අඩංගුවට ගන්නා ලෙස අන්තර්ජාතික අපරාධ අධිකරණය දකුණු අප්‍රිකාවෙන් ඉල්ලීමක් කර තිබේ.
සුඩාන ජනාධිපතිවරයා අප්‍රිකානු සමුළුවකට සහභාගිවීමට මේ වනවිට දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවරට පැමිණ තිබෙන අතර අන්තර්ජාතික අපරාධ අධිකරණය ඉල්ලා තිබෙන්නේ එහිදී ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසයි.
සුඩානයේ ඩාපූර් කලාපයේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් සුඩාන ජනාධිපතිවරයාට එරෙහිව අන්තර් ජාතික අපරාධ අධිකරණයේ පරීක්ෂණයක් ක්‍රියාත්මක විය.
කෙසේ වෙතත් ජොහැනස්බර්ග් නුවරට පැමිණි සුඩාන ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස දකුණු අප්‍රිකානු බලධාරීන් විසින් පිළිගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.