ඉදිරි කාලයේදී තමන් දේශපාලනයට සම්බන්ධ නොවන බව හිටපු ජනාධිපති සොහොයුරකු වන හිටපු ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.
පාදුක්ක, උඩුමුල්ල පුරාණ ගල්ලෙන් මහා විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු වශයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේය.
මෙහිදී ඔහු පෙන්වා දෙන්නේ තමා ආරක්ෂක ලේකම් ධුරය දරණ කාලය තුළ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර තිබු බවයි.