පසුගිය රජය යටතේ පිහිටුවා තිබූ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ යටතේ සිටි සංවර්ධන නිලධාරීන් 14,000ක් ස්වදේශ කටයුතු අමාත්‍යංශයට අනුයුක්ත කර තිබේ.
ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝසෆ් මයිකල් පෙරේරා මහතා පැවසුවේ, ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බව ය.