අන්තර් විශ්විද්‍යාලීය ශීෂ්‍ය බල මණ්ඩලය විසින් අද පස්වරු 1.30ට පමණ ශී‍්‍රජයවර්ධන පුර සරසවියෙන් ආරම්භ කළ විරෝධතා පාගමන මේවනවිට කොළඹ වෝඩ් පෙදෙස විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ආසන්නයට ළඝාවෙමින් තිබෙන බව වාර්තාවේ.
දිවයින පුරා පිහිටි විශ්ව විද්‍යාල නියෝජනය කරමින් සරසවි සිසුන් දසදහසකට ආසන්න සිසු සිසුවියන් පිරිසක් අද මෙම විරෝධතා පාගමනට එක්ව සිටින බව එහි කැඳවුම්කරු වන ලහිරු විජේසේකර පැවසීය.
පසුගිය 29 වන දින එච්.එන්.ඩී.ඒ. සිසුන්ට පහරදීමට විරෝධය පළ කිරීමත් අධ්‍යාපන පෞද්ගලීකරණය හා මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට එරෙහිවත් පාසැල් තුල මුදල් අය කිරීම ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයේ මතුව තිබෙන මූලික ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් එම ගැටුළු විසදන ලෙස අදාල බලධාරීන්ට බලකෙරෙන මෙම උද්ඝෝෂණ පාගමන අද දින පැවැත්වීමට අන්තරය තීරණය කළ බවයි.







