විරෝධය හමුවේ අයවැයට වෙට්ටුවක්, හකුලා ගත් යෝජනා හොර පාරෙන් යළිත්

bujet1

මෙවර අය වැය යෝජනා ලෙස ඉදිරිපත් කරන ලදුව ජනතාවගේ විරෝධයට ලක්වූ නිසා අත්හිටවූ බව ප‍්‍රකාශ කළ යෝජනා අයවැයෙන් අනතුරුව වෙනම නීති සම්මත කර ක‍්‍රියාත්මක කිරීමේ සැලැස්මක් ඇතැයි වාර්තා වේ.

පොහොර සහනාධාරය කප්පාදුව, යතුරුපැදි සහ වාහන වලට දුම් සහතිකය ලබා දීම සඳහා අය කරන මුදල වැඩි කිරීම, අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල කොටස් වෙළඳපොළ හා ණය කි‍්‍රයාවලිය සඳහා විවෘත කිරීම වැනි පියවර ගණනාවක් අවලංගු කර අයවැය සංශෝධනය කළ බව ආණ්ඩුව ප‍්‍රකාශ කරන ලදී.

එහෙත් මෙම යෝජනා අයවැයටම අදාල නොවන අතර අයවැය මඟින් කරනු ලැබුවේ ඊට අදාළ ප‍්‍රතිපත්තිමය පදනම ඉදිරිපත් කිරීමයි.

එබැවින්  අයවැයෙන් අනතුරුව එම යෝජනා වෙනම පාර්ලිමේන්තුවේ පනත් සම්මත කර ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වෙතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

ආණ්ඩුව ගණන් බලා ඇත්තේ අයවැය ආසන්නයේ පැන නගින විරෝධතා අයවැයෙන් පසු අඛණ්ඩව ක‍්‍රියාත්මක නොවන නිසා මේවා පසුව ක‍්‍රමාණුකූලව ක‍්‍රියාත්මක කළ හැකි බවයි.