මාලඹේ නෙවිල් ප්රනාන්දු රෝහලේ රෝගීන්ට ප‍්‍රතිකාර කරන ලියාපදිංචි නොවූ වෛද්‍යවරුන් පිළිබඳ පැමිණිල්ලක් පසුගිය 01 දා පොලිස්පති වෙත ඉදිරිපත් කරන ලදී. මෙවැනි වෛද්‍යවරු 13 දෙනෙකු පිළිබඳ විස්තර මෙහිදී ඉදිරිපත් කර ඇත. මෙය ඉදිරිපත් කරන ලද්දේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගිනි.
පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඔවුන් පවසන්නේ මෙකී ලියාපදිංචි අලූත් නොකල වෛද්‍යවරු අතර සෝභිත හිමිට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරයෙක්ද සිටින බවයි. සෝභිත හිමියන්ට මාලඹේදී කළ ප‍්‍රතිකාර සැක සහිත බවට මීට පෙර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් වෛද්‍ය සභාවටද පැමිණිලිකර තිබුණි. ලංකාවේ වෛද්‍යවරයෙක් ලෙස පිළිගැනීමට වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතු බවත් වසර පහකට වරක් එම ලියාපදිංචිය අලූත් කර ගත යුතු බවත් පිළිගැනේ.


