උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ට එල්ලවූ පොලිස් ප‍්‍රහාරය පිළිබඳ පරීක්ෂණයක් මේ වන විට පොලිස් කොමිසම විසින් ක‍්‍රියාත්මක කරයි. මෙම පරීක්ෂණ වලදි අදාල සිදුවීමට සම්බන්ධ යැයි සැලකෙන පොලිස් පරීක්ෂක තනතුරු වලින් පහළ තනතුරු වල නිලධාරීන් කිහිපදෙනෙකු පිළිබඳ විස්තර පොලිස්පති වෙත ඉදිරිපත් කළ බව පොලිස් කොමිසම විසින් මාධ්‍යට වාර්තා කර තිබුණි.
මේ ගැන පොලිස් කොමිසමෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ අදාළ පහරදීමට සම්බන්ධ උසස් නිළධාරීන් ගැන ගන්නා තීරණ සම්බන්ද පරීක්ෂණයට 03 වැනිදා කොමිසම එකතු වීමට නියමිත බවයි.
මෙම සිදුවීම සම්බන්ධව පොලිස් කොමිසම විසින් සිසුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබුණි. අදාළ පරීක්ෂණ පිළිබඳ ගත් ක‍්‍රියාමාර්ගයන් පිළිබඳ එම සිසුන් දැනුවත් දැයි විමසූ විට ඔවුන් සඳහන් කර සිටියේ තමන්ට ඒ පිළිබඳ කිසිදු දැනුම්දීමක් කර නැති බවයි.


