හවුල් ආණ්ඩුවේ කොල්ලකාරී අයවැය යෝජනා හරහා දියත් වන නවලිබරල් වැඩපිළිවෙල පිලිබඳ ජනතාව අතර සංවාදයක් ඇති කිරීමේ වැඩසටහන් රැසක් ඊයේ දිනයේ සිට (02)සිට දිවයින පුරා ක‍්‍රියාත්මක කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂ කටයුතු කරන බව එම පක්ෂය පවසයි.
මෙහි එක් පියවරක් ලෙස ඊයේ (02) දින සවස 3.30ට පමණ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අත්පත‍්‍රිකා බෙදාහරිමින් ජනතාව දැනුවත් කිරීමේ ආරම්භක වැඩසටහනක් පැවැත්වුණි.
මේ අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත ඇතුළු එම පක්ෂයේ සාමාජික පිරිසක් සහභාගී වියග
එහිදී චමීර කොස්වත්ත දැක්වූ අදහස් ඇතුලත් හඬපටය හා ජායාරූප පහත පළවේ.



