ඩෙල්මා රුසෙෆ් දෝෂාභියෝගයෙන් පරදී

delma-2

බ‍්‍රසීලියානු ජනාධිපතිනිය වන ඩෙල්මා රුසෙෆ්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ දෝෂාභියෝගය ජයග‍්‍රහණය කළ බව ඊයේ (18) වෙනිදා වාර්තා වුණා. ඡන්ද විමසීමේදී පහළ මන්තී‍්‍ර මණ්ඩලයේ් නියෝජිතයන්ගෙන් තුනෙන් දෙකක් ඩෙල්මා රුසෙෆ්ට එරෙහිව ඡුන්දය භාවිතා කර තිබුණා. දක්ෂිණාංශික සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් ඉදිරිපත් කර තිබූ මෙම විශ්වාස භංගය තුළ ප‍්‍රශ්න කර තිබුනේ ඇයගේ ස්වාමිපුරුෂයාගේ අවංකභාවය පිළිබඳවයි.

ඊයේ උදෑසන ඇයගේ සැමියා ඔවුන්ගේ උපන් නගරයේදී ෆෙඩරල් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඔහුට විරුද්ධව තිබූ චෝදනා වී තිබුණේ රෝහල් හා විවිධ පුන්‍යාධාර කටයුතුවලදී සිදුවූ බව කියන ෂණ සම්බන්දවයි. ඩෙල්මා රුසෙෆ්ටද මෙවැනි චෝදනා ඉදිරිපත් වී තිබුණත් ෆෙඩරල් නියෝජිතයන් වෙත ඇය ලබා දී ඇති ප‍්‍රකාශ අනුව තාවකාලිකව ඇයට එරෙහිව පියවර ගැනීම නවතා තිබෙනවා.

ඩෙල්මා රුසෙෆ් මීට පෙර කම්කරු පක්ෂය විසින් චෝදනාවට ලක්ව තිබුණේ වගකීම් විරහිත ලෙස කපටි ලෙස රාජ්‍ය ගිණුම් භාවිතා කිරීම පිළිබඳවයි.

බ‍්‍රසීලයේ මෙවැන්නක් සිදුවූයේ පළමු වතාවට නොවේ. මීට පෙර 1994-2002 කාලයේදී ද මෙවැන්නක් සිදුවී තිබේ. එවිට පාලන බලයේ සිටියේ බ‍්‍රසීලියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ෆර්නැන්ඩෝ හෙන්රික් කාලෝස්ය. එසේම 2013දී බැරක් ඔබාමා පාලනයේ සිටියදීද ණය සීමා ඉහළ දැමීම පිළිබඳ රිපබ්ලිකන් පක්ෂය විරුද්ධ වී ඇත.
එලෙසම සිදුවූ වංචා හා ¥ෂණ සම්බන්ධයෙන් කම්කරු පක්ෂ සාමාජිකයන් වෙත පැහැදිළි විස්තර ඇතත් ඩෙල්මාට එරෙහිව එසේ කිසිදු සාක්ෂියක් හමුවී නැත.

මෙකී ක‍්‍රියාදාමයට මැදිහත් වී ඇති බ‍්‍රසීලියානු කතානායකවරයාද පැනමා පත‍්‍රිකා සම්බන්ද චෝදනාවට ලක්වූවෙකි. මේ අනුව මෙය දක්ෂිණාංශික කුමන්ත‍්‍රණයක් බවට මේ වන විට ඉඟි පළවෙමින් ඇත.

දෝෂාභියෝගයෙන් පරාජයට පත්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති ඩෙල්මා රුසෙප් පවසා ඇත්තේ මෙය සාම්ප‍්‍රධායික නොවන කුමණ්ත‍්‍රණයක් බවත් සටන පරාජයවී නොමැති බවත් මෙයින් පසුව සැබෑ සටන ආරම්භවන බවත්ය. මුලු ජීවිත කාලයම අරගලයෙන් ජයගත් තමන්ට ප‍්‍රජාතන්ත‍්‍රවෘදීව මෙම සටහන ජයගතහැකි බව පවසන ඇය ජනමතය ඇයට පමණක්  ලැබූ එකක් නොවන බවත් එය මිලියන 54ක බ‍්‍රසීසියානු ජනතාවගේ කැමැත්ත බවත් එය ආරක්ෂා කිරීමට තමා දිවිහිමයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තම අරගලය ඉදිරියටත් ගෙනයෑමට අදිටන් කර සිටින බවද මාධය වෙත පවසා ඇත.

කෙසේ වෙතත් මේ වනවිට දකූණු හා ලතින් ඇමෙරිකානු කලාපයේ වාමාංශික හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයන් පවතින රටවල ආණ්ඩුවලට එක්සත් ජනපදය විසින් තම මැදිහත්වීම් කරමින් සිටි.  විවිධ දක්ශිණාංශික කණ්ඩායම් යොදවා එම පාලනයන් පෙරළා දැමීමට මීට පෙර කි‍්‍රයා කල ආකාරයෙන්ම කූමණ්ත‍්‍රණකාරී වැඩපිලිවෙලවල් දියත් කර තිබෙන බවට තවත් එක් උදාහරණයක් ලෙස මෙම බ‍්‍රසීලියානු දෝෂාභියෝගයත් හදුනා ගතහැක.