බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වීම නිවේදනය කරයි!

2016.06.24 cameron

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අද දින උදයේ ජනමාධ්‍ය අමතමින් සිය ඉල්ලා අස්වීම නිවේදනය කලේය. යුරෝපා සංගමයෙන් ඉවත්වීම සදහා බ්‍රිතාන්‍ය වැසියන්ගේ බහුතර කැමැත්ත පලවීමෙන් පසුව යුරෝපා සංගමයේ රැදී සිටියයුතු බව විශ්වාස කල අයකු ලෙස අගමැතිවරයා සිය ඉල්ලා අස්වීමේ තීරණය දැනුම් දුන්නේය.

ජනතාවගේ උපදේශය දී ඇත්තේ තමන් ගත් තීරණය වැරදිය යන්න බව පවසමින් අගමැති කැමරන් කීවේ ජනතාවගේ තීරණයට ගරු කළ යුතු බවයි. නව අගමැතිවරයා වැඩ භාරන්නා තෙක් තමන් තවදුරටත් අගමැතිධුරයේ රැදී සිටින නමුත් ඔක්තෝබරයේ කොන්සවටිව් පක්ෂ සමුලුවේදී නව නායකයකු පත් වියයුතු බව ඔහු අවදාරණය කළේය. මීළග අගමැතිවරයා වන්නට සුදුසුකම් ඇතිවුන් 5 දෙනකු පිළිබද බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය අදහස් දක්වා ඇත. ඩේවිඩ් කැමරන්ගෙන් පසුව කොන්සවටිව් පාක්ෂිකයන් අතර අදහසක් තිබුනේ කැමරන්ගේ කිට්ටු සගයකු ලෙස සැළකෙන ඩේවිඩ් ඔස්බෝන් පිළිබදවය. මේ අතර නවතම තොරතුරු අනුව, බ්‍රිතාන්‍ය යුරොපා සංගමයෙන් ඉවත්වියයුතු බවට වූ හඩ නැගූ ප්‍රමුඛයා ලෙස හිටපු ලන්ඩන් නගරාධිපති බොරිස් ජොන්සන්ට අගමැතිධුරය හිමිවන බවට අපේක්ෂා පළ වෙමින් තිබේ. මේ අතර කොන්සවටිව් පක්ෂයේ ස්කොට්ලන්තය නියෝජනය කරන නායිකාව ලෙස රුත් ඩේවිඩ්සන්ට අගමැතිධුරය හිමිවේ යැයි අදහසක් ද තිබේ. බොරිස් ජොන්සන් අගමැතිවීමට මහත් විරෝධයක් පල කරන රුත් පවසා තිබෙන්නේ ඔහු බ්‍රිතාන්‍ය අගමැතිධුරයට පත්වුවහොත් ස්කොට්ලන්ත කොන්සවටිව් පාක්ෂිකයන් වෙනම පක්ෂයක් පිහිටුවාගත යුතු බවයි. තේරේසා මේ, බ්‍රිතානය අගමැතිධුරයට පත්වන්නට ඉඩ ඇති බවට සැලකෙන දෙවැනි කාන්තාවයි. එහෙත් ඇය ඒ පිළිබද කිසිදු අදහසක් පළ කිරිමෙන් වැලකී සිටී. මයිකල් ග්‍රෝව් ද අගමැති ධුරයේ අපේක්සා අතර සිටින කොන්ිසවටිව් නායකයෙකි. හුද කියා සිටියේ තමන් අගමැතිකම ගැන අවධානයක් නැති බවයි.

2016.06.24 osborn

අගමැතිධුරයටපත් වෙතැයි අපේක්ෂිත බොරිස් ජොන්සන්

Leave a Reply