කොලොම්බියානු රජය හා ෆාක් සංවිධානය අතර මීට වසර තුනකට පෙර කියුබාවේ හවානා නුවර ද්විපාර්ශවය අතර සාකච්ඡා ආරම්භ විය. සාම සාකච්ඡා ආරම්භ කිරීමෙන් වසර කිහිපයකට පසු අද දින කොළොම්බියානු ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් හා ෆාක් සංවිධානයේ සාම ක්‍රියාවලියට සම්බන්ධව කටයුතු කළ ටිමෙෂෙන්කෝ අතර සටන් විරාමය සදහා වන එකගතා ලියවිල්ලට අත්සන් තැබීය.
මෙමගින් දෙපාර්ශවය අතර පැවැත්වෙන යුදමය මෙහෙයුම් සියල්ල නවතා දමන අතර ලබන ජුලි මස දෙපාර්ශවය අතර අවසන් සාම ගිවිසුම අත්සන් කිරීමට සියල්ල මේ වන විට අවසන්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අඩසියවසකට වැඩි කාලයක සිටි පැවැතෙන මෙම සන්නද්ධ ගැටුම්කාරී තත්වය මේ අනුව අවසන් වනු ඇතැයි විශ්වාසය පළකරයි.
පනස් වසරකට වැඩි කාලයක සිටි පැවැති කොළොම්බියානු සිවිල් යුද තත්වය හේතුවෙන් මේ වනවිට ලක්ෂ දෙකකට වැඩි පිරිසක් මියගොස් තවත් දශලක්ෂ ගණනක් අවතැන්ව සිටිති. ෆාක් සංවිධානය ලතින් ඇමෙරිකානු කලාපයේ මුල්ම ගරිල්ලා සංවිධානයක් ලෙස සැලකේ.
ෆාක් සංවිධානය මාවාංශික දේශපාලන සංවිධානයක් ලෙස 1964 වසරේ ගොඩනැගුණු අතර අවස්ථා ගණනාවකදී කොළොම්බියාවේ පැවැති විවිධ ආණ්ඩු සමග අවස්ථා ගණනාවකදී තාවකාලික සටන් විරාමයන්ට එකගව කටයුතු කළත් එම එකගතා ඉතා කෙටිකලකින් අවසන්විය.
මෙවර කොළොම්බියානු ජනාධිපති වන ජුවාන් මැනුවෙල් සැන්ටෝස් හා වත්මන් ෆාක් සංවිධානයේ නායකයන් සමග වසර තුනක සිට පැවැති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව අවසන් එකගතාවයට ලබන මස පැමිණෙනු ඇතැයි වාර්තාවේ.
මේ පිලිබදව කොලොම්බියානු ජනතාව ඉමහත් ප්‍රීතියට හා සතුටට පත්ව එරට වීදි පුරා සැරිසරන බව විදෙස් මාධය වාර්තා කරයි. මෙම දෙපාර්ශය අතර අවසන් එකගතාවය ඇතිකිරීම සම්බන්ධව කියුබානු වත්මන් නායක හා කියුබානු රජය විශාල වැඩ කොටසක් සපුරා ඇතිබවද වාර්තාවේ.





