බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද නැද්ද යන්න තීරණය කිරීම සදහා පවත්වන ජනමත විචාරණයේ නවතම ප්‍රතිඵල අනුව, ඉවත්වීමට පක්ෂ ඡන්ද සංඛ්‍යාව වැඩි වුවත් තියුණු බෙදීමක් දක්නට ලැබේ.
යුරෝපා සංගමයෙන් ඉවත් වියයුතුය යන්නට පක්ෂව ඡන්ද17,410,742ක් එනම් 51.9%ක් ලැබී ඇති අතර රැදී සිටීමට පක්ෂව ඡන්ද 16,141,241ක් එනම් 48.1%ක ප්‍රතිශතයක් හිමිව ඇත. දැනට ඡන්ද දැමීමේ ප්‍රතිශතය 72%ක් වන අතර ජයග්‍රහණය කිරීමට ඡන්ද මිලියන 16.8ක් ලබාගත යුතුව ඇත.
මේ අතර ජනමත විචාරණය පිලිබද තීරණාත්මක තත්වය හමුවේ මුල්‍ය වෙළෙදපොල තුළ බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමේ අගය බිදවැටීමේ තත්වයක්ද පෙන්නුම් කර ඇත. එංගලන්තය හා වේල්සයේ ජීවත්වන අයගෙන් බහුතරය යුරෝපා සංගමයෙන් වෙන්විය යුතුයැයි සිය ඡන්දය ලබාදී තිබුනි. නමුත් ලන්ඩන් නගරවාසීන් හා උතුරැ අයර්ලන්ත හා ස්කොට්ලන්ත බහුතර ඡන්දදායකයින් තවදුරටත් යුරෝපා සංගමය සමග සිටිය යුතුයැයි තීරණ කර තිපුනි.
මේ අනුව යුරෝපා සංගමයෙන් වෙන්විය යුතුයැයි තීරණය කළ ප්‍රථම ප්‍රබල රට බ්‍රිතාන්‍ය ලෙස සැලකේ.


