හවුල් ආන්ඩුවට විපක්ෂයත් හේත්තු වේ – පනත් දෙකක්ම සම්මත කරගනී!

parliyament

රජයේ තොරතුරු පිටවීම සම්බන්ධව ක්‍රියාදාමය නීතිගත කිරීම සදහා සැලසුම් කළ තොරතුරු දැනගැනීමේ පනත කිසිදු බාධාවකින් තොරව සම්මත කරගන්නට ආණ්ඩුවට හැකි විය.

නව තොරතුරු දැනගැනීමේ පනත නිසා රජයේ තොරතුරු පල කිරීමක් සම්බන්ධව ජනමාධ්‍යවේදීන්ට, ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්ට හා ජනමාධ්‍ය ආයතන පවත්වාගෙන යන සමාගම්වලට එරෙහිව අපරාධ නඩු පැවරිය හැකිය. මේ දක්වා රාජ්‍ය විසින් වසන් කළ වැදගත් කරුණු විවිධ ආකාරයෙන් හෙලිදරව් කරගෙන ජනයාට හෙළිකිරිමෙන් ජනමාධ්‍ය විසින් ඉටු කළ වගකීම මේ අනුව අභියෝගයට ලක් වේ.

අද දින පාර්ලිමේන්තුවේදී  ඡන්ද විමසීමක්ද නොමැතිව සම්මත වූ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත ගැන සදහන් කරමින් කාරක සභා අවස්ථාවේ සලකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව මූලාසනයේ සිටි මන්ත්‍රී ලකී ජයවර්ධන ප්‍රකාශ කළේ ය.

තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත පසුගිය මාර්තු 24 දින පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊයේ (23) සහ අද (24) දින දවස පුරා විවාදයට ගනු ලැබිණ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත් කෙටුම්පත  ජනතාවට ලබාදීම තුළින් රජයේ තිබෙන දේශපාලන කැපවීම ලෝකයට පෙන්වාදීමට හැකි වූ බව ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක ඊයේ පැවැති විවාදයේ දී පැවසුවේය.

විවාදයට එක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, තොරතුරු දැනගැනීමට මේ රටේ ජනතාවට තිබෙන අයිතියක් බවත් එය ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් බවත් කිසිම ආණ්ඩුවකට මින් පසු තොරතුරු හැංගීමට නොහැකි බවත් ය.

පුද්ගලයන් පිළිබද වඩාත් සමීප අවධානයක් ලබාගැනීම සදහා සකස් කළ පසුගිය කාලයේ මහත් විරෝධයන්ට පාත්‍ර වූ විද්‍යුත් හැදුනුම්පත් නීතියද පසුගිය 21 වැනිදා වැඩි ඡන්දයෙන් සම්මත කෙරිණි. විපක්ෂයේ සිට මෙම පනත පිළිබද අදහස් පළ කරමින් ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක අවධාරනය කලේ හදුන්වා දෙන්නට යන විද්‍යුත් හැදුනුම්පත් නිකුත් කිරීමේදී විශාල වියදමක් දරන්නට සිදුවන බැවින් ඒ පිළිබද සහන ලබාදෙන්නට සලකා බලන ලෙසයි. එහිදී ඒකාබද්ධ විපක්ෂයෙන් අදහස් දැක්වීම යටතේ ජාතික නිදහස් පෙරමුනේ වීරකුමාර දිසානායක අදහස් දක්වමින් පැවසුවේ රාජය ආයතන විසින් දැනටමත් පුරවැසියන්ගේ ජීව දත්ත එක්රැස් කරමින් සිටින බව හා එය නීති විරෝධී බවයි.

Leave a Reply