යුරෝපා සංගමයේ සාමාජිකයකු ලෙස තම රට තවදුරටත් කටයුතු කළයුතුද නැද්ද යන්න තීරණය කිරීමේ බ්‍රිතාන්‍ය ජනමත විචාරණය අදට යෙදී ඇත. එරට වේලාවෙන් අද උදෑසන මෙම තීරණාත්මක ජනමත විචාරණය සදහා එරට ඡන්දදායකයින් තම ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් සිය ඡන්දය ලබාදී ම ආරම්භ කර ඇති බව වාර්තාවේ.
එරට මැතිවරණ කොමිසමේ තොරතුරුවලට අනුව මෙම ජනමත විචාරණය සදහා ඡන්දදායකයින් 46,499,537 දෙනා සුදුසුනම් ලබා ඇතැයි වාර්තාවේ.
මෙම ජනමත විචාරණය එරට ඉතිහාසයේ පැවැත්වෙන තෙවන ජනමත විචරණය ලෙස සදහන්වේ.
මාස හතරකට වැඩි කාලයක සිට පැවැති ජනමත විචචාරණ ප්‍රචාරක කටයුතුවලින් පසුව මෙය පැවැත්වේ. විදෙස් මාධ්‍ය වාර්තා අනුව හෙට සිකුරාදා දහවල් වන විට මෙම ජනමත විමසුමේ ප්‍රතිළුල ප්‍රකාශයට පත්කිරීමට හැකිවනු ඇතැයි වාර්තාවේ.