සූරියවැව මහින්ද රාපක්ෂ ක්‍රීඩාංගනයේ සම්පූර්ණ ඉදිකිරීම් සදහා සැලසුම්වල තිබුණු වියදම රුපියල් බිලියන 1.2 ක් වුවද පසුව ගිවිසුමට එහා ගිය විශාල මුදලක් වියදම් සඳහා ගෙවා තිබෙන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර පවසයි.
ගිවිසුමට අනුව ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් සිදු නොවීම පිළිබද ප්‍රශ්ණ ගණනාවක් උද්ගතව ඇති බවත් පුවසූ ක්‍රීඩා ඇමැතිවරයා, මේ සම්බන්ධව කටයුතු කළ ක්‍රිකට් බලදාරින්ගෙන් හා හිටපු ආණ්ඩුවේ බලදාරින්ගෙන් විධිමත්, නිවැරදි උත්තර ලබාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු ජනමාධ්‍ය හමුවේ පැවසීය. මේ වාර්ථාව අරගෙන ඔවුන්ගේ විධායක කමිටුවට ඉදිරිපත් කල යුතුයි.එතනින් පසු විධායක කමිටුව හරහා ඔවුන් අපිට කියන්න අවශ්‍යයි මොන වගේ තත්වයක්ද තියෙන්නේ, මොන විදියටද ඔවුන් මේ සඳහා පිළිතුරු හොයන්නේ, ආණ්ඩුවක් විදියට, ක්‍රීඩා අමාත්‍යාංශය විදියට මොන විදියටද අපි මෙයට සම්බන්ධ වෙන්නේ කියලා.
‘ක්‍රිකට් ආයතනයේ ගැටලු ගැන වසන් කරන්න දෙයක් නැති බව කී හෙතෙම, ක්‍රිකට් ආයතනයත් ශ්‍රී ලන්කන් එයාර් වගේ බංකොලොත්ව දැනට ඇති රු. බිලියන 2.4 ක් ණය ගෙව්වොත් සේවකයන්ට පඩි ගෙවන්නට පවා මුදල් නැති තත්වයක් උදාවන බව ක්‍රීඩා ඇමැති වරයා කීය. ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 2.4 ක් විවිධ ආයතනය වෙත ගෙවීමට ඇතැයිද විශේෂයෙන්ම වරාය අධිකාරිය ඇතුළුව විවිධ ආයතන වෙත ගෙවීමට තිබෙන ණය ක්‍රිකට් ආයතනය මගින් ගෙවීමට සිදුවුවහොත් එහි සේවය කරන නිළධාරීන්ට පඩි ගෙවා ගැනීමට නොහැකි තත්වයකට ක්‍රිකට් ආයතනය පත් වෙන බවක් ඇමැතිවරයා හෙළි කළේය.
ක්‍රීඩා අමාත්‍යවරයා මේ හෙළිදරව් කිරීම සිදුකලේ ජූනි 21 වැනි දින ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඔවුන්ට ඔවුන්ගේ ආදායම් වියදම් පිළිබඳ තත්වයන් හා දැනට තිබෙන මූල්‍යමය තත්වය පිළිබඳව විගණන විමසුමක් විශේෂ ජාත්‍යන්තර පිළිගත් ආයතනයක් වන KPMG ආයතනය මගින් සකස් කර ක්‍රීඩා අමාත්‍යාංශයේදී අමාත්‍යවරයාට භාර දෙන අවස්ථාවේදීය.