ඩී.බී.නිහාල්සිංහ දිවි සිනමාවෙන් නික්ම යයි

2016.04-21 db nihalsinghe

ප්‍රවීන සිනමා අධ්‍යක්ෂවරයකු වන ඩී.බී. නිහාල්සිංහ රෝගී තත්වයේ සිට අභාවප්‍රාප්ත විය.

සිරි ගුනසිංහගේ ‘සත්සමුදුර‘ සිනමාපටයේ සංස්කරණයට දායක වූ ඔහු 1971 වසරේදී සිනමා ක්ෂේත්‍රෙය් කැපී පෙනෙන චරිතයක් බවට පත් වූයේ ‘වැලිකතර‘ සිනමා පටයේ අධ්‍යක්ෂවරයා ලෙසයි. 1981 ‘සාගරයක් මැද‘, 1986 ‘මල්දෙනියෙ සිමියොන්‘ සහ 1991 ‘කෙළි මඩල‘ සිනමා ක්ෂේත්‍යේ සුවිශේෂී දායකත්වය සටහන් කළ ඔහුගේ අනෙක් ප්‍රකට සිනමා කෘති වේ.

ජාතික චිත්‍රපට සංස්ථාවේ ආරම්භක සභාපතිවරයාද වූ ඔහු පළමුවරට විකාශය කෙරුනු වෘත්න්ත ටෙලි නාට්‍ය ලෙස සැලකෙන ‘දිමුතු මුතු‘ නාට්‍යයේ අධ්‍යක්ෂවරයාද විය. මියයන විට නිහාල්සිංහ මහතා 77 හැවිරිදි විය. ඔහුගෙන් ලාංකීය සිනමාවට සිදුවූ මෙහෙවර සලකමින් කැලනිය විශ්වවිද්‍යාලයෙන් ඔහුට සිනමා ව හා ටෙලිනාට්‍ය සම්බන්ධව සම්මාන උපාධියක්ද පිරිනමන ලදී.