අද දින (29) අලූයම 4.20ට පමණ ජාත්‍යන්තර කම්කරු දිනයේ ප‍්‍රචාරක කටයුතු වල නිරතව සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් හට ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් විසින් පහර දී තිබෙන බව එම පක්ෂය අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් කියැවේ.
එම පහර දීමෙන් තුවාල ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් වන ආර්.කේ. ඉන්ද්‍රානන්ද සහ පී.කේ.ඞී. විජේරත්න යන දෙදෙනා මේ වනවිට පොලොන්නරුව මහ රෝහලේ 20 වාට්ටුවේ මේ වන විට ප‍්‍රතිකාර ලබමින් සිටී.
ෙඑම මාධ්‍ය නිවේදනයට අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පොළොන්නරුව දිස්ත‍්‍රික්කය තුළ ජාත්‍යන්තර කම්කරු දිනයට අදාලව අලවන ලද පෝස්ටර්, සවි කරන ලද කටවුට්, එල්ලන ලද බැනර් සහ විවිධ ප‍්‍රචාරක ඉදි කිරීම් ජනතා විමුක්ති පෙරමුණ විසින් විනාශ කරමින් සිටි අතර එම වෛරී දේශපාලන ක‍්‍රියාවලියේ අවසන් පියවර වුයේ ප‍්‍රචාරක කටයුතුවල නිරත වුවන්ට පහර දීමයි. දක්ෂිණාංශික පක්ෂවල ප‍්‍රචාරක කටයුතු වලට මෙවැනි බාධා කිරීම් නොකරනවා පමණක් නොව එම පක්ෂ සමග නිල හා නොනිල සන්ධාන ගොඩ නගමින්ද ඒවා සමග සම්මුතිකාමීවද කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණ මෙලෙස වාමාංශික පක්ෂවල කම්කරු දින වැඩසටහන්වලට බාධා එල්ල කිරීම සහ වාමාංශිකයන්ට පහරදීම එම පක්ෂයේ දේශපාලන අවස්ථාවාදය පිළිිබඳ පැහැදිලි ප‍්‍රකාශනයක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්වේ.