මිලිටරි අවශ්‍යතා සදහා භාවිතයට ගන්නා පුපුරණ ද්‍රව්‍ය හා වාණිජමය පුපුරණ ද්‍රව්‍ය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගබඩා කිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමට ආණ්ඩුව සූදානම් වේ.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා මෙහෙයුම් පැවැති කාලවකවානුව තුළ ක්‍රියාන්විත කටයුතු සඳහා භාවිත කරන ලද පතරොම් හා වෙඩි ද්‍රව්‍ය විවිධ ස්ථානවල තාවකාලිකව ගබඩා කරන ලදී. යුද්ධයෙන් පසුව දිවයිනේ විවිධ ස්ථානවල ගබඩා කර ඇති, ත්‍රිවිධ හමුදාවන්ට අයත් පුපුරන ද්‍රව්‍ය අවිධිමත් ලෙස රදවා තැබීමෙන් සිදුවන අනතුරු සම්බන්ධව මින් පෙර අනතුරු ඇගවීම් කර තිබිණි. සාලාව අවි ගබඩාව පුපුරා යාමත් සමග ඒ පිලිබද වැඩි අවදානයක් යොමු වී තිබේ. මෙම තත්වය සැලකිල්ලට ගෙන ආරක්ෂක ඇමති වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැබිනට් ඇමැති මන්ඩලයට මේ සම්බන්ධව ඉදිරිපත් කළ යෝජනාවක් සම්මත වී ඇත. මින් පෙර 2011 වසරේදීද මෙවැනි යෝජනාවක් රාජපක්ෂ ආණ්ඩුවෙන් සම්මත කළද එය ක්‍රියාවට නැගීමේ ප්‍රමාදය නිසා සාලාව අවිගබඩාව පිපිරිම සිදුව ඇත.