ලංකාවේ කනිෂ්ට රග්බි කණ්ඩායම ආසියානු කුසලාන දිනති

2016.08.01 u20 rugby1

ලංකා කනිෂ්ඨ(20 න් පහළ) රග්බි කණ්ඩායම පසුගිය 31වැනිදා මැලේසියාවේ ‘ජොහෝර් බහාරු‘ හිදී පැවැති ආසියානු කනිෂ්ඨ රග්බි තරගාවලියේ ශුරයන් බවට පත්වූහ.

තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දස්කම් පෑ තුවාන් රීසා රෆයිඩීන් උත්සාහක දිනුම් 7 ක් වාර්තා කරමින් තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම්ලාභියා බවට පත් විය. ලංකා පිලේ නායක කෙවීන් ඩික්සන් සමස්ත ලකුණු 43 ක් (උත්සාහක දිනුම් 5, ප්‍රවර්තන 9) එක්රැස් කරමින් තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.

ජූලි 31 දින පැවැති අවසන් තරගයේදී දකුණු කොරියාව ලකුණු 38-00 ක් ලෙස පරාජයට පත්කරමින් මෙම කුසලානය දිනාගන්නට ශ්‍රී ලංකාව සමත් විය. මෙරට රග්බි කණ්ඩායමක් ආසියානු රග්බි කුසලාන ශූරතාවක් දිනා ගත් පළමු අවස්ථාව මෙය වේ. තරගාවලියේ ආරම්භක දිනයේ තමන් සහභාගි වූ තරග තුනෙන් දෙකක් ජයගැනීමට ලංකා කන්ඩායම සමත් විය. එහිදී පිලිපීනය ලකුණු 22-05 ක් හා තායිලන්තය ලකුණු 31-05 ක් ලෙසින් පරාජයට පත් කෙරිණි.  ජපානය හමුවේ තියුණු තරගයකදී ලකුණු 19-14 ක් ලෙසින් පරාජයට පත්වීමට ලංකා පිලට සිදු විය. ඉන් පසු ජූලි31 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 45-05 ක් ලෙස ජය ගත් ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් පසු මැලේසියාව ලකුණු 29-14 ක් ලෙසින් පරාජය කරමින් තරගයට සුදුසුකම් ලැබීය.

2016.08.01 u20 rugby

Asian Junior Rugby champs Sri Lanka – Standing (from left): Rajiv Perera (Manager), Sudath Sampath (Head Coach), Inthisham Marikar (Director Coaching S&C), Lasindu Ishan, Nishon Perera, Kevin Dixon (Captain), Rehan Silva, Reeza Rafaideen, Shamri Burah, Harsha Perera (Physio), seated (from left): Tariq Saleh, Asitha Punchihewa, Vimukthi Rahula, Buddima Piyaratne, Omalka Gunaratne (Vice-Captain), Chamika Kusal.

Leave a Reply