වසරේ ජනමාධ්‍යවේදියා, කේ. සංජීව – වසරේ තරුණ ජනමාධ්‍යවේදිනිය, පියුමි ෆොන්සේකා

2016.08.03 journalism awards

ඊයේ (02දා) පැවැති ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලේ දී වසරේ ජනමාධ්‍යවේදියා ලෙස මර්වින් ද සිල්වා සම්මානය රාවය පුවත්පතේ මාධ්‍යෙව්දියකු වන කේ. සංජීව දිනාගත්තේය. වසරේ තරුණ ජනමාධ්‍යවේදිනිය ලෙස ඩෙන්සිල් පීරිස් සම්මානය ඩේලි මිරර් පුවත්පතේ පියුමි ෆොන්සේකා සම්මාන දිනාගත්තාය.

මෙහිදී වසරේ ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට සමත්වූයේ අද පුවත්පතේ ඡායාරූප ශිල්පි ඒෂාන් ප්‍රනාන්දු විසිනි.

එසේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින් වන නෙවිල් ද සිල්වා, පියසේන ඉහළවිතාන, වීරගති තනබාලසිංහම්, සරත් මලලසේකර සහ පේ‍්‍රමසිරි අබේසිංහ යන ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීහු ජීවිත කාලයට එක්වරක් පමණක් හිමිවන ඩී.ආර්.විජයවර්ධන සම්මානය හිමිකර ගත්හ.

Leave a Reply