හෙන්රි වර්ණකුලසූරියගේ ‘නිරුවත් ජිවිත‘ කෙටිකතා සංග්‍රහය නිකුත්වීම වෙනුවෙන් පැවැත්වෙන ‘විල්ලරවාඩියෙන් දඩ කදවුරට‘ විචාර කතිකාව පැවැත්වෙන්නේ අගෝස්තු 4 වැනිදා සවස 3.30ට කොළඹ 7 පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී ය. (එය 2වැනිදා පැවැත්වෙන බව මෙහි සටහන් වූයේ ප්‍රමාද දෝෂයකිනි).
‘නිරුවත් ජිවිත‘ කෘතියේ මුල්පිටපතක් සුනිල් මාධව ප්‍රේමතිලක වෙත පිළිගැන්වීමද එහිදී සිදු වේ.
මහාචාර්ය ආරියරත්න ඇතුගල විසින් සංවාද ප්‍රවේශය හා මුඛ්‍ය දේශනය පවත්වන මෙම අවස්ථාවේ මුලසුන මාධයවේදී සුන්දර නිහතමාන ද මැල් විසින් උසුලනු ඇත.