වරාය නගර ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් ආණ්ඩුව සිදු කළ පාඩුව- චීන සමාගමට හෙක්ටයාර් දෙකක වන්දියක් !

port city

වත්මන් හවුල් ආණ්ඩුව විසින් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මාස කිහිපයකට අත්හිටුවීම හේතුවෙන් ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රමාදවීමෙන් සිදුවූ අලාභය වෙනුවෙන් අතිරේක වන්දිය වෙනුවට ඉඩම් හෙක්ටයාර 2ක් චීන චීන සමාගමට ලබාදීමට තීරණයකර ඇත.

මහින්ද රාජපක්ෂ පාලනය විසින් කිසිදු විද්වත් උපදේශයක් හෝ මහජන අදහසක් හෝ නොවිමසා ආරම්භ කළ මහ පරිමාණ ව්‍යාපෘති අතර එකක් ලෙස එවකට මෙම ව්‍යාපෘතිය මහත් විරෝධයට පාත්‍ර විය. පාරිසරික වාර්තා පිළිබද ගැටලු හා ජනතා විරෝධය මැද දුන් මැතිවරන පොරොන්දුවකින් පසුව 2015 ජනවාරි මස බලයට පත්වීමෙන් පසුව මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළේය. එහෙත් මහජන මතය කෙසේවෙතත්, චීන රජය විසින් සිදුකළ බලපෑම් මත එය නැවත වහාම ආරම්භ කරන බවට එකග වීමට ආණඩුවට සිදු විය. කෙසේවෙතත්, ව්‍යාපෘතිය අත්හිටුවීම, නැවත ආරම්භ කිරීම, ද්‍රව්‍ය අපතේ යාම, ‍පොදු කාරක වියදම් හා බැංකු මුදල් යෙදවීම වැනි හේතු නිසා ව්‍යාපෘති සමාගමට දැරීමට සිදුවූ අලාභය අයකර ගැනීමට ඉදිරිපත්කළ වන්දි ගෙවීම ආර්ථික අර්බුදයකට මැදිව සිටින ආණ්ඩුවට කළ නොහැකි වී ඇත. මෙම තත්වය සලකා බලමින් ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් චීන සංචාරවලදී ඇති කරගත් එකගතා මත මෙම යෝජනාවට සමාගම එකඟ වී ඇත.

රජය වෙනුවෙන් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ව්‍යාපෘති සමාගම අතර නව ගිවිසුමක් අත්සන් තැබීමට නියමිත අතර, මුල් ගිවිසුමට සිදුකරන සංශෝධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර තිබේ.