தமிழ்
English
Contact
Wednesday 26th July 2017    
පීඨාධිපතිවරු හයක් උපාධි කඩේ වෙනුවෙන් කඩේ යනවා – සමස්ත ලංකා රජයේ වෛෙද්‍ය නිලධාරීන්ගේ සංගමය « Lanka Views | Views of the truth

පීඨාධිපතිවරු හයක් උපාධි කඩේ වෙනුවෙන් කඩේ යනවා – සමස්ත ලංකා රජයේ වෛෙද්‍ය නිලධාරීන්ගේ සංගමය




තමන්ගේ වෛද්‍ය පීඨවල අඩුපාඩු විසඳීමට කිසිදු උත්සාහයක් නොගන්නා වෛද්‍ය පීඨ හයක පීඨාධිපතිවරුන් මාලඹේ සයිටම් හොර උපාධි කඩේ වෙනුවෙන් කඩේ යන්නේ ඇයිදැයි සමස්ත ලංකා රජයේ වෛෙද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රශ්න කරයි.

එක් පීඨාධිපතිනියක් හොර උපාධි කඩයේ උපකුලපති වීමට බලා සිටින බවත් අනෙක් පීඨාධිපතිවරුන් කඩේ යවන්නේ ඇය විසින් බවත් එම සංගමය පෙන්වා දෙයි. මෙම පීඨාධිපතිවරුන් වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම්වල නියෝජිතයන් කැඳවා මාලඹේ සයිටම් හොර උපාධි කඩය අර්ධ රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමට කැමැත්ත ලබා ගැනීමට උත්සාහ කර ඇති නමුත් සිසුන් ඊට විරුද්ධ වී තිබේ.

මාධ්‍ය හමුවක් පවත්වමින් සමස්ත ලංකා රජයේ වෛද්‍ය ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක පැවසුවේ, වෛද්‍ය පීඨවල පවතින අඩුපාඩු විසඳන ලෙස සිසුන් උද්ඝෝෂණ කරන විට, මාලඹේ සයිටම් හොර උපාධිකඩය අහෝසි කරන ලෙස වෛද්‍ය ශිෂ්‍යයන් දින 180කට වඩා වැඩි කාලයක් සත්‍යග‍්‍රහ කරන විට එම එක පීඨාධිපතිවරයකුවත් සිසුන් හමුවී තමන්ගෙන් විය යුත්තේ කුමක්දැයි අසන්නේ නැති බවයි. ලෝකයේ පළමු වෛද්‍ය පීඨ 10 අතරට ලංකාවේ එකම වෛද්‍ය පීඨයක්වත් පැමිණ නැති බවත් ඊට හේතුව ලංකාවේ වෛද්‍ය පීඨවල පවතින අඩුපාඩු බවත් පෙන්වා දුන් වෛද්‍ය ගිශාන්ත දසනායක එම තත්වය ඇතිවීම සම්බන්ධයෙන් පීඨාධිපතිවරුන්ද වගකිවයුතු යැයි පෙන්වා දුන්නේය.



Related News