අත්අඩංගුවට ගත් කුමාර් ගුණරත්නම් වහා නිදහස් කරන්නැයි බලකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද දින (05) උද්ඝෝෂණයක් පවත්වන බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.
එම උද්ඝෝෂණය අද (05) සවස 3.30ට කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු කර ඇති බව වාර්තාවේ.