කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමට එරෙහි ඒකාබද්ධ මාධ්‍ය හමුව

490575553

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව හා ඔහුට ලංකාව තුළ දේශපාලන කිරීමේ නිදහස ලබා දෙන ලෙසට බලකරමින් පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුව පසුගිය 05 වෙනිදා මරදාන සී. එස්. ආර්. ශාලාවේදී පැවැතුණා. දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන හා බහුජන සංවිධාන රාශියක් මේ සඳහා සම්බන්ධ වුණා. මෙහිදී අදහස් දැක්වූ

keerthi thennakoon

කීර්ති තෙන්නකෝන් – කැෆේ සංවිධානය
මේක නීති ප‍්‍රශ්නයක් නොවෙයි
කුමාර් ගුණරත්නම්ගේ ප‍්‍රශ්නය ද්විත්ව පුරවැසිකම, වීසා කල් ඉකුත්වීම ආදී මොන නමකින් හැඳින්වුවත් අද අපි පැහැදිලිව කියන්නේ මේක දේශපාලන ප‍්‍රශ්නයක් කියලා. එහෙම නැතිව මේක ආගමන විගමන නීති එක්ක බැඳිච්ච ප‍්‍රශ්නයක් නොවෙයි. මේ පිළිබඳ ආණ්ඩුව වහාම සිය දේශපාලන ස්ථාවරය ප‍්‍රකාශ කරන්න ඕන. ඒකෙන් මේ ආණ්ඩුවට ගැලවෙන්න බෑ. දැන් මේ ප‍්‍රශ්නය මතු වෙලා මාස 9කට අධික කාලයක් තිස්සේ මේ ප‍්‍රශ්නය ගැන විවිධ මැදිහත්වීම් වුණා. නමුත් කැබිනට් මණ්ඩලය මේ ගැන සිය අදහස ඉදිරිපත් කළේ නෑ. දැන් මේ ආණ්ඩුව හොරු ඇල්ලීම අරව මේවගෙන් අසමත් බව ප‍්‍රකාශයට පත්වෙලා ඉවරයි. නමුත් ලෝකයේ පිළිගැනීමක් තිබ්බා, මේ ආණ්ඩුව දේශපාලන නිදහස පැත්තෙන් කලින් ආණ්ඩුවට වඩා වෙනස් කියලා. නමුත් අපිට මේ ප‍්‍රශ්නයත් එක්ක තේරෙනවා ඒකත් එක්තරා සීමාවක් ඇතුලේ තියෙන දෙයක් කියලා. ඒ නිසා අද මේ ස්ථානයට ඇවිත් ඉන්න අපි සියලූ දෙනා මේ ආණ්ඩුවට බල කරනවා මේ ප‍්‍රශ්නය විසඳන්න මැදිහත් වෙන්න කියලා.

nirmal

නිර්මාල් රංජිත් – විශ්වවිද්‍යා ආචාර්ය
මේක සංහිඳියාව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නයක්
මම මෙහිදී පෙනී ඉන්නේ සංවිධානයක් විදියට නෙවෙයි, පුද්ගලයෙක් විදියට. විශේෂයෙන් මම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලනයත් එක්ක එකඟ වෙන කෙනෙක් නෙවෙයි. නමුත් මම මෙතනදී පෙනී ඉන්නේ පසුගිය ජනවාරි 8 වැනිදා සිදු වූ දේශපාලන පරිවර්තනයට මැදිහත් වූ කෙනෙක් විදියට සහ තවමත් ඒ වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් විදියට. මේ අය සංහිඳියාව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන මේ රටේ ජනතාව සමඟ සම්මුතියකින් බැඳිලා ඉන්නවා. මේ සංහිඳියාව කියන්නේ ජනවාර්ගික ගැටලූව හා සම්බන්ධ දෙයක් විතරක් නෙවෙයි. ජනතාව සමඟ ඇති කරගත් සම්මුතියෙන් මේ කිසිම කෙනෙකුට මිදෙන්න බෑ. මම කුමාර් ගුණරත්නම්ගේ ප‍්‍රශ්නය දකින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ ප‍්‍රශ්නයක් විදියට. මේක මේ රටේ දශක කිහිපයක් තුළ තිබූ තත්වයක් නිසා සිදු වූ දෙයක්. පසුගිය කාලේ මේ රටේ විවිධ අනන්‍යතා සහිත විවිධ සංස්කෘතීන්වල ඉන්න අයට දේශපාලනය කිරීම සම්බන්ධ ප‍්‍රශ්න තිබුණා. මේ ප‍්‍රශ්නයත් අයත් වෙන්නේ ඒ ගොඩට. ඒ නිසා මේක නීති ප‍්‍රශ්නයක් නෙවෙයි. දේශපාලන ප‍්‍රශ්නයක්. එසේ කිරීමට නොහැකියාවක් නෑ. පටු අවශ්‍යතා සඳහා නීතියේ නම්‍යශීලිභාවයන් භාවිත කරනවා. ඒ හින්දා මෙය වහා විසඳිය යුතු සහ මැදිහත්විය යුතු ප‍්‍රශ්නයක් ලෙසයි මා දකින්නේ. ඒ නිසා සැම කෙනෙකුටම දේශපාලනය කිරීමේ වඩා සාධාරණ අවස්ථාවක් නිර්මාණය කරන්න කියලයි අපි ආණ්ඩුවට කියන්නේ.

IMG_6167

වික‍්‍රමබාහු කරුණානායක – නව සම සමාජ පක්ෂය
විමල් වීරවංශටත් ගුණරත්නම්ටත් දෙවිදියකට සලකන්නේ ඇයි?
මම බොහොම පැහැදිලිව ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට රනිල් වික‍්‍රමසිංහගෙන් අහන්න කැමතියි විමල් වීරවංශට පාස්පෝට් හදා දෙන්නත් කුමාර් ගුණරත්නම්ට පුරවැසිකම නොදෙන්නත් හේතුව මොකක්ද කියලා. අද මේ ආණ්ඩුව ඉතා තීරණාත්මක ලෙස මේක දේශපාලන ප‍්‍රශ්නයක් බවට පත් කරලා තියෙනවා. පසුගිය කාලේ ශිෂ්‍ය උද්ඝෝෂණ නැඟී ඒමත් එක්ක දැන් ආණ්ඩුව කල්පනා කරනවා මේ නැඟී ඒම නිසා ආණ්ඩුවේ සහජීවන ක‍්‍රියාදාමයට බාධා වෙනවා කියලා. ඒ හින්ද තමයි මේ කුමාර් ගණරතත්නම්ගේ ප‍්‍රශ්නෙ ඇවිත් තියෙන්නෙ. හැබැයි අපි කියනවා එතැනදී පසුගිය බේරුවල ජාතිවාදී ගැටුම් ඇති වූ වෙලාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහෝදරවරු තමයි අපිත් එක්කාසු කරගෙන කොළඹ කොටුවේ උද්ඝෝෂණ කරලා මේ ජාතිවාදයට විරුද්ධව මැදිහත් වුණේ. මෑතදීත් දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍ර‍්‍රශ්නයටත් ඒ විදියටම පෙරමුණේ කාර්යක් මේ පක්ෂය කරනවා. ඒ හින්දා අපි කියනවා ආණ්ඩුවේ අයට ඒ පැත්තෙන් ගණනය කිරීම් වරද්දා ගෙන තියන්නේ. ඒ හින්ද අපි බල කර සිටිනවා, මේක නීති ප‍්‍රශ්නයක් නෙවෙයි දේශපාලන ප‍්‍රශ්නයක් ඒකට ආණ්ඩුව මැදිහත්විය යුතුයි කියලා.

staling

ජෝසප් ස්ටාලින් – ලංකා ගුරු සංගමය
ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ පරීක්ෂණයක්
අපි මේ ප‍්‍රශ්නය දකින්නේ ලංකාවේ දේශපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ පරීක්ෂණයක් විදියට. මේ ආණ්ඩුව බලයට පත් වුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙනවා කියලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රධානම ලක්ෂණය තමයි විරුද්ධ මත ඉවසීම. අපි කියන්නේ මේක පැහැදිලිව විරුද්ධ මත දැරීම නිසා සිදු වූ දෙයක්. මේකට ආගමන විගමන කතන්දර අදාළ නෑ. උදාහරණයක් විදියට කියනවා නම් සෝමවංශ අමරසිංහ මහත්තයා එවකට ලංකාවේ තිබූ තත්වයක් නිසා විදෙස්ගත වුණා. නමුත් පස්සේ ඔහු ලංකාවට ආවා. කවුරුත් මොකුත් කිව්වේ නෑ. නමුත් දැන් කුමාර් ගණරත්නම් සහෝදරයාට මේ ප‍්‍රශ්නය මතු කරලා තියෙනවා. අපි බොහොම පැහැදිලිව මේ ක‍්‍රියාමාර්ගයට විරෝධය දක්වනවා. ආණ්ඩුවට බල කරනවා මේ ප‍්‍රශ්නය විසඳන්න කියලා.

lahiru

ලහිරු වීරසේකර – අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
කුමාර් ගුණරත්නම්ගේ විතරක් නෙවෙයි මේක අපි හැමෝගෙම ප‍්‍රශ්නයක්
අපි විශ්වාස කරන්නේ තනිව සටන් කරන්න බෑ. මේ ආණ්ඩුව හැදුණෙත් එහෙම එකතු වෙලා. රාජිත සේනාරත්න මහත්තයලා මාධ්‍ය සාකච්ඡුා තියලා කිව්වා, මීට පස්සේ පැහැර ගැනීම් එන්නේ නෑ. ෆෝන් ටැප් වෙන්නේ නෑ. පිටරට ගිය අයට ලංකාවට එන්න කියලා කිව්වා. එහෙම තමයි අපි යහපාලනය කරන්නේ කියලා කිව්වා. අපි අහනවා, එහෙම කිව්ව අය දැන් පිටරට ඉඳල ඇවිල්ලා දේශපාලනය කරන අයට මේ විදියට සලකන්නේ ඇයි කියලා. අපි අහන්නේ එදා එහෙම කිව්වේ කාටද. ඒක බඳගිිිරියේ මිනිස්සුන්ට අදාළ නැද්ද? ඒක මීරියබැද්දෙ මිනිස්සුන්ට අදාළ නැද්ද? ශිෂ්‍යයන්ට අදාළ නැද්ද? ඒක දඹුල්ලේ පැල්වෙහෙර ගොවීන්ට අදාළ නැද්ද? ඒ නිසා අපි කියන්නේ මේ ප‍්‍රශ්නෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රශ්නයක්වත් කුමාර් ගුණරත්නම් සහෝදරයාට විතරක් තනිව ආපු ප‍්‍රශ්නයක්වත් නෙවෙයි. මේක තමයි හෙට දවසේ සටන් කරන බලවේගයන්ට එන ප‍්‍රශ්නෙ. මේක තමයි එයාල කියන නීතිය. ඒක අයිති පිරිසකට විතරයි. අපිට ඕන ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේ අය දෙන්නේ නෑ. ඒ නිසා මේ ප‍්‍රශ්නෙ වෙනුවෙන් අපි සටන් කරන්න ඕන. ඒ අරගලයට එකතු වෙන්න. අපි ඒ වෙනුවෙන් ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස පෙනී ඉන්නවා.

kawshalya

කෞෂල්ය කුමාරසිංහ – අලූත් පරපුර
මර්දනයේ අලූත් උපක‍්‍රමයක්
මේක පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලනය අපි පිළිගන්නවාද නැද්ද කියන ප‍්‍රශ්නයක් නෙවෙයි. මේක ලංකාවේ පසුගිය කාලේ සිදු වූ සෙල්ලමක්. මේක දේශපාලන ප‍්‍රශ්න නෛතික ස්වරූපයෙන් වහන්න හදන උපරවැටියක්. දේශපාලන ප‍්‍රශ්න මේ රටේ මිනිස්සුන්ට නොතේරෙන දේවල් බවට පත් කිරීමට ගන්න උත්සාහයක්. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස වෙනුවෙන් පෙනී ඉන්න සියලූම සංවිධාන මේ වෙනුවෙන් පෙනී ඉන්න ඕන. ඒ නිසා අපි කුමාර් ගුණරත්නම් සහෝදරයාට දේශපාලනය කරන්න තියෙන අයිතිය නැති කරන්න හදන උත්සාහයට අපි විරුද්ධයි. මේ නව ආකාරයේ මර්දනයට විරුද්ධව හැමෝම එකතු වෙන්න ඕන.

niranjanee

නිරංජනී ගුණරත්නම්. – කුමාර් ගුණරත්නම්ගේ් නැගනිය
මේ වෙලාවේ ඔහු ලංකාවේ ඉන්න ඕන
මම පේ‍්‍රමකුමාර් ගුණරත්නම්ගේ නැගනිය. අපේ අම්මා අසනීප වී සිටි නිසා අම්ම බලන්නයි ඔහු ආවේ. මේ අතර කිසියම් ආකාරයක භායානක පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න ආකාරයට තමයි කෑගල්ල පොලිසිය අපේ මහ ගෙදර වටලලා මොහු අත්අඩංගුවට ගත්තේ. ගෙදර ඉන්න එකම සහෝදරයා හැටියටත් දැනට අම්මට ඉන්න එකම පුතා හැටියටත් තමයි අම්මා බලන්න ආවේ. මෙවර වෙලා තියෙන්නේ 2012 පසුගිය ආණ්ඩුව ලංකාවේන් පිටත් කරපු විදියටම තමයි දැනුත් කරන්න යන්නේ. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ ලංකාවේ ඉපදුන හැදුන වැඩුන කෙනෙක් විදියට ඔහුට නිදහස දෙන්න කියලා.

lanakapeli

ධර්මසිරි ලංකාපේලි – මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය
මේ ප‍්‍රශ්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලිට්මස් පරීක්ෂාවක්
අපි කියන්නේ ලංකාවේ ඉපදුනු සහ පසුගිය කාලේ දේශපාලනය සඳහා ඉතාම සක‍්‍රීය විදියට දායක වුණු පුද්ගලයෙක් විදියට කුමාර් ගුණරත්නම් සහෝදරයාට බාධාවකින් තොරව දේශපාලනය කිරීමේ අයිතිය දෙන්න ඕන. මේක අපි කියන්නේ මේ ප‍්‍රශ්නය තමයි මේ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක්. අද මේ රටේ සියලූම බහුජන සංවිධාන වෘත්තිය සමිති බල කරල තියෙනවා මේක ආගමන විගමන නිලධාරියාගේ ප‍්‍රශ්නයක් නෙවෙයි දේශපාලන ප‍්‍රශ්නයක් ඒ නිසා ඒකට මැදිහත් වෙන්න කියලා.

vidarshana

විදර්ශන කන්නන්ගර -ෆ‍්‍රැක්සිස් සාමූහිකය
මොනවා වුනත් මේ වෙලාවේ මතුවෙලා තියෙන අරගලයට මැදිහත් වෙන්න ඕන
අපි කියන්නේ මේක යහපාලන ආණ්ඩුවක් නෙවෙයි. ඒක ජනවාරි 8 වැනිදා විතරක් වෙච්ච දෙයක්. පහුගිය කාලේ මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය තමන්ගේ අරගලය ක‍්‍රියාත්මක කරමින් ඉන්න කොට ඔය යහපාලනයට කඬේ කිය අය කියපු කතා. මේ අය මේකට වග කියන්න ඕන. මෙහිදී කුමාර් ගුණරත්නම් සහෝදරයාට සහ ඔහුගේ දේශපාලන පක්ෂයට දේශපාලනය කිරීමට ඇති අයිතිය අහිමි කිරීමට ප‍්‍රධාන සාධක තුනක් තියෙනවා. එක පිරිසක් තමයි දැන් හැදෙමින් තියෙන පාලන තන්ත‍්‍රය. අනික් පිරිස තමයි විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම. අනික් අය තමයි මේ අයට සහය දෙන සිවිල් බුද්ධිමතුන්. දැන් මේ අවස්ථාවට උනත් නිර්මාල් වගේ කීපදෙනෙක් ඇරෙන්න අනිත් අය පැමිණ නෑ. මේක ඉතාම සරල ප‍්‍රශ්නක්. මේ පවතින පාලනයට විරුද්ධව විපක්ෂ ක‍්‍රියාකාරීත්වයන් දෙකක් මතු වීමට නියමිතයි. එකක් ජාතිවාදී කණ්ඩායම. අනෙක තමයි රුඩිකල් වාම විමුක්ති දේශපාලනය. මේකෙන් ජාතිවාදය මේ ආණ්ඩුවට ඞීල් කරන්න පුළුවන්. නමුත් වාම දේශපාලනයත් එක්ක ඞීල් බැරි නිසා තමයි මේ අවහිරතා මතු කරල තියෙන්නේ. ඒ නිසා යන්න වුණත් ඉන්න වුණත් නැතත් අපි කියනවා මේ වෙලාවේ කළ යුතු අරගලයට මැදිහත් වෙමු කියලා.

dammika

ධම්මිකාද සිල්වා – එක්සත් සමාජවාදී පක්ෂය
ලංකාවේ පුරවැසියෙකුට දේශපාලනයට අයිතියක් නැද්ද?
මොහු ජනතා විමුක්ති පෙරමුණේ අරගලයට මැදිහත් වුණා. එතැනදි හිරෙන් පැන්න කියලත් ආණ්ඩුව කියනවා. ඒ හින්ද මොහු ලංකාවේ පුරවැසියෙක්. අපි අහන්නේ එහෙම ලංකාවේ පුරවැසියෙකුට දේශපාලනය කරන්න තියෙන අයිතියට වළ කපන්න ආණ්ඩුවට තියෙන අයිතිය මොකක්ද කියලා. ඒ නිසා ආණ්ඩුව වහා මේ ප‍්‍රශ්නයට මැදිහත් වෙන්න ඕන.

udul

උදුල් පේ‍්‍රමරත්න – නීතීඥ
රනිල් එදා කිව්වේ මෙහෙම නෙවෙයි?
පසුගිය වර කුමාර් සහෝදරයා අත්අඩංගුවට ගත්ත වෙලාවේ මම තමයි රනිල් වික‍්‍රමසිංහ මහත්තට කතා කළේ. ඒ අවස්ථාවේදී ඔහු කිව්වා කිසි ප‍්‍රශ්නයක් නෑ, අපි මේ ප‍්‍රශ්නෙ වෙනුවෙන් පෙනී ඉන්නවා, ගන්න මාධ්‍ය සාකච්ඡුාවට රවී කරුණානායකව එවන්නම්, ඉදිරියේදි අපි මැදිහත් වෙන්නම් කියලා. නමුත් එහෙම කියලා අද බලයට ඇවිත් යන්නේ පරණ පාරේමයි. මේක ඉතා පැහැදිලිව උසාවියේ ඉදිරිපත් වූ පරිදි නීති ප‍්‍රශ්නයක් නොවෙයි දේශපාලන ප‍්‍රශ්නයක්. ඒකට ආණ්ඩුව මැදිහත්වෙන්න ඕන.

srath kahagalla

සරත් කහගල්ල – සමාජවාදී පක්ෂය, ස්වාධීන ලංකා ගුරු සංගමය
අම්ම බලන්න යන පුතාටත් යහපාලය සලකන්නේ මෙහෙමද?
මේක බරපතල ප‍්‍රශ්නයක් අපි කියන්නේ මේ ප‍්‍රශ්නය විසඳුවේ නැත්නම් අඩුම තරමෙ අසනීප වෙලා ඉන්න තමන්ගේ මව බලන්න ගිය පුතෙකුට පවා මේ යහපාලනයෙන් වැට බැඳලා තියෙනවා කියන එකයි කියන්න තියෙන්නේ. ඒ නිසා මේ ප‍්‍රශ්නය විසඳන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන.