රට පුරා මධ්යස්ථාන 4670 කදී මෙවර අපො.ස සාමාන්ය පෙළ විභාගය පැවැත්වෙන අතර අයදුම්කරුවන් 664,715 දෙනෙකු විභාගයට පෙනී සිටිමට නියමිත බව වාර්තාවේ.
සෑම විභාග මධ්යස්ථානයකටම පෙරවරු 08.00 පෙර අයදුම්කරුවන් විභාග ශාලාවට පැමිණිය යුතු බවත්, පෙරවරු 08.30 ට විභාගය ආරම්භ වන බැවින් අපේක්ෂකයන් ඒ පිළිබදව සිය අවධානය යොමුකළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
යම් විභාග මධ්යස්ථානයක හෝ වෙනත් අයුරින් විභාග අක්රමිකතා සිදු වන්නේ නම් ඒ පිළිබඳ පැය 24 පුරා ක්රියාත්මක වන පහත සදහන් විශේෂ දුරකථන අංක වෙත යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා ඇත.
එම අංක නම් 1911, 119, 0112 784 208, 0112 784 537, 0113 188 350, 0113 140 314 යන දුරකථන අංක මේ සදහා විවෘත කර ඇත.


