ත්‍රස්තවාදයට ආධාර කරණ රාජ්‍යයන් ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කිරිමේ තීරණයට එරට රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මැයි 29 වැනිදා අත්සන් කර ඇත.
කියුබාව ත්‍රස්තවාදයට ආධාර කරන රාජයයක් ලෙස එක්සත් ජනපදය ඒකපාර්ශ්විකව හදුන්වන්නට පටන්ගත්තේ 1982 සිටය. පසුගිය කාලයේ එක්සත් ජනපදය, කියුබාව සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම පිලිබද සළකා බලමින් ත්‍රස්තවාදී සංවිෙධානවලට ආධාර කරන රාජ්‍යයන් ලැයිස්තුවේ තවදුරටත් කියුබාව පැවතීම අදාල නැති බවට රාජ්‍ය දෙපාර්තමේන්තු තීරණය කර ඇති බව එහි ප්‍රකාශක ජෝන් රෙත්කේ ජනමාධ්‍ය හමුවේ පවසා ඇත.