පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට පත් ජනතාවට සහන සැලසීමේ හා තත්වය නිරීක්ෂණය කිරීම සදහා පසුගිය ජූනී පළමුවැනිදා ජනාධීපතිවරයා කෑගල්ලට පැමිණියේය. එකී රැස්වීමේ සංවිධාන බිල රුපියල් මිලියනයක් වන අතර, එය ගෙවීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට යොමු කර ඇති අතර, එවැනි ගෙවීමකට තමන්ට ප්‍රතිපාදන නැතැයි එම අමාත්‍යාංශයේ දිස්ත්‍රික් කාර්යාලය විසින් ජනාධීපති ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇත.
මේ පිළිබදව තමන්ට කළ හැකි දෙයක් නැති බව පවසා ජනාධීපති ලේකම් කාර්යාලය විසින් බිල නැවත හරවා එවා ඇත. මේ හේතූවෙන් දිස්ත්‍රික්කයට වෙන් කරනු ලබන යටිතල පහසුකම් සංවර්ධන වැඩ සටහන් වල පරිපාලන වියදම් මගින් මෙම බිල ගෙවා දැමීමට දිස්ත්‍රික් පරිපාලනය තීරණය කර ඇත.


