ඔලිම්පික් ගිනිසිළුව දල්වයි 

2016.04.22-Olympic1

මේ වසරේ අගෝස්තු 5 වැනිදා සිට 21වැනිදා දක්වා බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝ නගරයේදී පැවැත්වීමට නියමිත ගිම්හාන ඔලිම්පික් උළෙලේ නිල සමාරම්භය ඊයේ සිදුවිය.

ඒ ලොව වටා සංචාරය කිරිම සඳහා ඔලිම්පික් ගිනි සිළුව දැල්වීම ග්‍රීසියේ ඇතන්ස් අසල ඔලිම්පික් නගරයේදී ආරම්භවිය. පැරණි චාරිත්ර සිහිපත් කරමින් හිරු එළියෙන් ගිනිසිලුළු දල්වනු ලැබුවේ පැරණි ග්‍රීක පූජකවරියන්ගේ හා පූජකයන්ගේ වෙස් ගත් පිරිසක් විසිනි. එම අවස්තාවේදී  ඉපැරණි ග්‍රීක සංගීතය වාදනය කෙරිණි. බ්‍රසීලයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට රටවල් 168ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7,363ක් සහභාගී වීමට නියමිතය. ක්‍රීඩා 28කට අයත් ඉසව් 306ක් සඳහා තරඟ පැවැත්වෙනු ඇත.

2016.04.22-Olympic