අද දින ඊශ්‍රායල් හමුදාව විසින් දාහර හැවිරිදි පලස්තීන ළමයකු ඝාතනය කර ඇත. මෙම වෙඩි තැබීම ගැන විදෙස් මාේය වාර්තා කරන්නේ බටහිර ඉවුරේ කාර් රථයකින් ගමන් කරමින් සිටි මෙම ළමයා ඇතුළු තවත් හතර දෙනෙකුට මෙම ඊශ්‍රායෙල් වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි. එම වෙඩි තැබීමෙන් මොහොමඩ් බැඩ්රම් නැමැති 14 හැවිරිදි ළමයා මියගොස් තවත් හතර දෙනෙකෙු තුවාල ලබා බීරෑට්හි රෝහල් ගත කොට ඇති බවයි.
දශක කිහිපයක් තිස්සේම නිරායුද පලස්තීන ජනතාව ඉලක්ක කොට මෙසේ වෙඩි තැබීම් ඊශ්‍රායල් හමුදාව කරනු ලබයි. එයට එරෙහිව ජාත්‍යන්තර විරෝධතා මතු වුවත් ඒවා නොතකා හරින තත්වයක් දිගින් දිගටම ඊශ්‍රායලය රජය අනුගමනය කරනු ලබයි.
පසුගිය මාස නමයක පමණ කාලය තුල පමණක් මෙසේ පලස්තීන ජාතිකයින් 200ක් පමණ විවිධ ගැටුම්වලදී ඊශ්‍රායල් හමුදා විසින් මරා දමා ඇත. එම ගැටුම්වලදී ඊශ්‍රායෙල් ජාතිකයින් 32ක් හා ඇමෙරිකානු ජාතිකයින් දෙදෙනෙකුද ඝාතනය වී ඇත.


